BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
    • SinhalaSinhala
Home » General » Jaya Sri Maha Bo Samindu’s Varuna

Jaya Sri Maha Bo Samindu’s Varuna

February 2, 2025 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

How do I do it? How do I do it?” He walks, stroking his wrinkled forehead. That forest, once filled with glory and power, is now filled with great anxiety and sorrow, “Oh…! How do I do it? “

There was no one there to answer this question that was raised from time to time. This is a question that came out of the mouth of King Ashoka, who conquered sixteen great kingdoms and conquered the Ekachatra and Abyssinia… Everyone was there in the days of the Rajaraja Mahamatya. But even though no one said anything, sitting mute like a mural painting, that silence was broken again by the king’s own voice. Even though he was a great king, he only murmured.

The five resolves made by Gautama Buddha at the stage of Parinirvana

  1. Venerable King, we must send the southern Bodhi branch to Heladiva. When the world is healed and the Buddha reaches the stage of Parinirvana, our omniscient Thero has made a vow. When Emperor Ashoka came to take the Bodhi branch for planting in Hela, the Bodhi branch will cut itself off and be placed in a golden pot!
  2. When the Bodhi branch is established, let it be planted in a pot!
  3. In seven days, may the six-colored rays of the Buddha radiate from the leaves and fruits of the trunk in the golden pot!
  4. When the second thirty-five kings have the Thuparama temple erected in Lakdiva and the southern relic is established, may Yama perform a miracle!
  5. When the relics of the Buddha, which are the foundation of the great temple being built in Sri Lanka, are placed, may he take the form of a Buddha and rise into the sky and be carried by the Yamas!

Be not surprised at that! Your Majesty, it is the Buddha’s teaching that the Bodhi branch should be placed there. We should do the same.

A great crowd of people came to the banks of the Neranjana River. Thousands of arahants. Thousands of anointed royal children. An immense crowd. The Bodhi tree was surrounded by a curtain, and Asoka, with his hands tied, looked at it. Except for the area of ​​about four cubits where the southern branch joined, all the other branches were not visible at once. Seeing this, Ashoka Naranidu was greatly pleased, and he anointed the Bodhi tree with incense. Then, having offered incense, he circumambulated the Bodhi tree three times, and sat down in eight places, bowed his head, and worshipped it.

—————————————Coming soon———————————————–

දක්ෂිණ බෝධි ශාඛාව දක්වා උස් වු ස්වර්-ණමය ආසනයෙක ස්වර්-ණමය කටාහය තැබ්බ විණ. මැණික් අසුනෙක නැඟී රන් තෙලි කූරක් අතින් ගත් රජ තෙමේ ශාඛායෙහි රේඛාවක් ඇඳීය. ඉනික්බිති පසෙක හිඳ සත්‍යය ක්‍රියා කළේය.

“සුගත තථාගත අප මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධත්වයට පත්වු පරමෝත්තම මොහොතේ සෙවණ සලසාලු මේ උත්තම බෝධින් වහන්සේගේ දක්ෂිණ බෝධි ශාඛාවෝ හෙළදිවට වැඩම කරවිය යුත්තේම නම්….ඒ සම්බුදු සසුන දිනා ධර්මාශෝක නම් වු මා සර්වඥ ශාසනයෙහි විමති රහිත වුයේ නම්.. මේ දක්ෂිණ බෝධි ශාඛාවෝ තොමෝම සිඳී රන් කටාහයෙහි පිහිටාවා! “

ඒ බෝධි ශාඛා තොමෝ යායුතු වීය හෙළදිව්… ඒ දම්සෝ නිරිඳු තෙමේද විමති රහිත වුයේය සසුනෙහි… තමාම සිඳුණු දක්ෂිණ බෝධි ශාඛාවෝ පිහිටියේය රන් කටාහයෙහි…

නේරංජරාව අසබඩ සාදු නාදයෙන් , ප්‍රීති ඝෝෂායෙන් ඇළලී ගියේය. අඟල් තුනෙන් තුනට ලකුණු කළ රේඛායෙන් පැණ නැඟුණු මුල් කටාහයෙහි පිහිටි සැණින් මහීකාන්තාවද කම්පා විණ. දෙව්, බඹ, මිනිස් කැල සැදැහැයෙන් නැඟු සාදු නාදයෙන් සකල දඹදිවමැ පිරී ගත්තේය.

ඒ බෝධි ශාඛාවෙහි කුඩා ශාඛා පහකි, ඵලද පහකි, කුඩා රිකිලිද ඇත්තේය. ඒ බෝධි වෘක්ෂයෙහි ඵල පත් ආදියෙන් ඉක්ම ගත් ෂඩ්වර්-ණ් රශ්මියෙන් සක්වළ එළි විහිද ගියේය. එසේ පෙළහර පෑ ඒ බෝධි ශාඛාව සහිත රන් කටාහය වලාකුළු අතරට පැණ නැඟී නොපෙනී ගියේය.

සත් දිනක් ඉක්ම ගියේය. බෙරවාදනයන්, නෙක පූජෝපහාරයන් මධ්‍යයේ අතු , කොළ , ඵල සහිත බෝධින් වහන්සේ සහිත රන් කටාහය පොළොවට පැමිණියේය. ඒ අසිරියෙන් මහත් සේ පිනා ගිය අශෝක නරනිඳුන් මහාබෝධි ශාඛාව දෙවැනි වත් පිදීය දඹදිවින්.

මහා බෝධි ශාඛාව රන් කටාහයෙහි පිහිටි දින පටන් දින සතළොසක් ගෙවි ගොසිනි. ඒ බෝධි ශාඛාවෙන් අංකුරද පැණ නැඟී ඇති බැව් දකින රජ තෙමේ තෙවනුවත් දඹදිව්තලයෙන් පුද දිනි බෝ රජුන්.

ඉනික්බිතිව බෝධීන් වහන්සේ සංඝමිත්තාවන්ටද එහි පරිපාලනය විධුරින්ද නා රජුන්ටද පවරා බෝධියේ හුදුමහත් කටයුතු පිණිස යෙද වු බෝධාහාර කුල දහාටක ජනයා පිරිවරා නැව් නංවා සතියකින් බෝධීන් වහන්සේ තාමුලිප්තයට වැඩම කරවන ලද්දේය. එහිම ඉදිකළ බෝධි මණ්ඩපයෙක සතියක් මුළුල්ලේ වඩා හිඳුවා බොහෝ පුද පුජා පැවැත්විය.

බෝධීන් වහන්සේ හෙළදිව් වැඩම කරවනු පිණිස නැව් නංවනු පිණිස හිසින් ගෙන ගෙල පමණ දියෙහි බැස පැමිණි රජ තෙමේ දෙවන පියතිස් අමාත්‍යය අරිට්ඨයන් හට මෙසේ කීය.

” දරුව, මම මේ උත්තම බෝධීන් වහන්සේ සකල දඹදිව්තලයෙන් තෙවරෙක්ම පුදා, ගෙලක් පමණ දියෙහි හිසෙන් ඔසවා ගෙනවුත් මාගේ සුමිතුරාට එවනු ලැබුයෙමි. හෙතෙමේද මේ අයුරටම බෝධීන් වහන්සේ පුදාවා!”

මෙයම ලියා හෙළදිවෙට හසුන්දී තෙමේ ආපසු ගොස් වෙරළට වී බෝධි ශාඛාව නොපෙනී යන තුරුම කඳුළු පිරි නෙතින් යුතුවම බලා හුන්නේය.

දක්ෂිණ බෝධි ශාඛාව පිරිවැරූවන් සහිත වු නෞකාව මහා සාගරයට වන් කල්හි යොදුනක් තැනෙහි දිය රළ නොනැඟ සංසිඳුණේ වීය. හෙල්මැලියෙන් , අරවින්දයෙන් හාත්පස වැසී ගියේ වීය. දෙවියෝ පංචතූර්-ය නාද නඟන්නේ . නොයෙක් පුජාවන්ගෙන් බෝධි ශාඛාව පිදුහ.

සාගර පත්ලවාසී නාගයෝ නොයෙක් උපක්‍රමයෙන් බෝධි ශාඛාව තමන් සන්තක කරගන්නට තැනුහ. මහා බල ඇති සංඝමිත්තා රහත් මෙහෙණි තොමෝ සෘද්ධිමත් වුයේ , ගුරුලු වෙසක් ගෙන ඒ නාගයන් මැඬලුහ. බල සිඳී ගත් නාගයෝ රහත් තෙරණින් වහන්සේට අයැද මහා බෝධිය නාග භවනයට ගෙන ගියෝය. සත්දිනක් මුළුල්ලේ නාග රාජ්‍යයෙන්ද නෙක පුජායෙන්ද පුදනු ලැබුවෝ යළි බෝධි ශාඛාව නෞකාව කරා වැඩම කෙරුවහ.

දඹකොළ පටුනෙහි පටන් අනුරපුර අගනුවර දක්වා මඟ විසිතුරුව සැරසිලි කෙරවු දෙවන පියතිස්ස රජ තෙමේ උඳුවප් මස පළමු දිනයේ පටන් බෝධි ශාඛාවද භික්ෂුණී සංඝයාද හෙළදිව් සැපත් වනතුරුම මඟ බලා හුන්නේය. ඒ උත්තම නෞකාවෝ හෙළදිව් වෙරළ සමීපයට පැමිණි කල්හි පෙර දිනෙක දම්සෝ නිරිඳු ගෙල තෙක් දියෙහි බැස බෝධි ශාඛාව වැඩම කරවුයේ යම් අයුරකින් ද ඒ අයුරින්ම ගෙල තෙක් දියෙහි බැස මහා බෝධිය සිරසින් ගෙන වෙරළට වැඩම කරවුයේය.

එහිම මනහර මණ්ඩපයක් තනා බෝධීන් වහන්සේ වඩා හිඳුවා හෙළදිව් රාජ්‍යයෙන් පිදිය. තෙමේම එහි දොරටුපාල ලෙස වෙසෙන්නේ තෙදිනක් මුළුල්ලේ මහා බෝධිය රක්ෂා කළේය. නා නා විධ පුජාවන් කෙරෙමින්, සුදු වැලිද නා නා විධ පුෂ්පයන්ද අතුල, ඔසවන ලද්ද්‍ර වු ධජ පතාකාදියෙන් සරසන ලද මඟෙහි දිවා රැය ගමන් කොට උඳුවප් මස තුදුස්වක දිනයේ මහා බෝධි ශාඛාව සහ සපිරිවර උත්තර ද්වාරයෙන් අනුරාධපුර නගරයට එළඹුණහ.


ඉනික්බිතිව රජ තෙමේ දක්ෂිණ ද්වාරයෙන් නික්මුණේ, මේ මහා භද්‍ර කල්පයෙහි දී සතර සම්බුදුරජාණන් වහන්සේලා විසින් සමවත් සුවයෙන් වැඩ හිඳිමින් සේවනය කළා වු මහමෙව්නාව උයනට ප්‍රවිෂ්ට වුයේය. පුර්-වයේ තුන් බුදුවරයන් වහන්සේලා සම්‍යක් සම්බෝධිය සාක්ෂාත් කළ මොහොතේ සෙවණ සලසාලු බෝධි වෘක්ෂයන්ගේ දක්ෂිණ ශාඛාවන් රෝපණය කළ බිම ම ගොයුම් ගොත් සම්බුදුරජුන් සේවනය කළ බෝධි වෘක්ෂයේ දක්ෂිණ ශාඛා වහන්සේව රෝපණය කිරීම පිණිස මනාව සකසා තිබුණේ වීය.

ඒ මනෝරම්‍ය වු භූමි භාගයේදී ඒ භගවත් අරහත් මුනින්ද්‍රයාණන් වහන්සේ විසින් සෙව්නා ලද ඇසතු බෝධියෙ දක්ෂිණ ශාඛා වහන්සේ මෙතැන්හි රෝපණය කරන්නෙමයි රජ තෙමේ බෝධි ශාඛාව අතින් මුදාහල ක්ෂණයෙහි මහා බෝධි තොමෝ අහසට පැන නැඟි සවණක් රැස් විහිදුවාලූ සේක්මයි…හෙළදිව් එකලු කළ ඒ ෂඩ්වර්-ණ බුද්ධ රශ්මියෝ බඹ ලොව දක්වා පැතිරග් ගිය සේක්මයි… පෙළහර දැක පැහැදුණු සිත් ඇත්තෝ දස දහසෙක් විදසුන් වඩා උතුම් ක්ෂීණාශ්‍රවභාවය සාක්ෂාත් කළ සේක්මයි…

සුර්-යයා අවරදිගින් බැස යන මොහොතේ මහා බෝධි තොමෝ පෘථිවියෙහි පිහිටියේය. පොළොව සැලි කම්පා විණ. මහාමේඝය පොළෝ තෙත් කරමින් ඇද හැළුණේ විණ. ශ්වේත වර්-ණ වලාවන් හාත්පසින් එක්ව මහා බෝධිය වසා ගත්තේ විය.

සත්දිනෙක් ගෙවුණු කල්හි හිමවන් වලාවන්ද මහාමේඝයන්ද පහව ගොස් සවණක් රැසින් ලෙලුම් දුන් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පෙනී ගියේය. දෙව් මිනිසුන් සාදුකාර නගමින් ඇසිපිය නොහෙළා බලාගත්වන ම සිටිය දී මහා බෝධියේ පුර්-ව දිග ශාඛාවෙන් ගිලිහීගත් විළිකුන් බෝ ඵලය සුරතින් ගත් මහා මහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ එය රෝපණය කරන්න යයි රජු අතට පත් කළ සේක. රජ තෙමේ සුගන්ධවත් පස් පුරවාලූ රන් කටාහයෙක එය රෝපණය කරන ලද්දේ එකෙණෙහි එයින් අංකුර අටෙක් පැන නැඟුණ ඒ බෝධි අංකුරයෝ සතර රියන්ව නැඟුණේ විණ. එබැව් දුටු නරනිඳුන් මහා බෝධිය සේසතින් පිදුයේ සකල හෙළදිවෙන් යළිදු අභිෂේක කළේය.

ඒ අෂ්ටඵලරුහ බෝධීන් වහන්සේලා දඹකොළ පටුනෙහිද තිවන්ක ග්‍රාමයෙහි , ථුපාරාමයෙහි , ඉසුරුමුනියෙහි , පළමු සෑ මළුවෙහි , සෑගිරි අරමෙහි , කතරගමෙහි හා සඳුන්ගමෙහි රෝපණය කරන ලද්දේ විය. අනෙක් බෝධි ශාඛා හතරෙන් පැන නැඟි ඵලයන්ගෙන් ජනිතවු දෙතිසක් වු බෝධි අංකුරයෝ හෙළදිව් හාත්පස යොදුනෙන් යොදුන රෝපණය කෙරිණ.

එකල්හිම පිරිවර සහිත වු අනුලාවෝ සංඝමිත්තා රහත් මෙහෙණි තොමෝ අතින් පැවිද්ද ලබා අරහත් ධජය දැරූවෝ, සකල ක්ලේෂයන් නසා සසර ඕඝයෙන් නිදහස් ව ගියෝ, හෙළදිව්හි කුලකතුනට සිළුමිණක්ව අරහත්වය සාක්ෂාත් කළෝය. හත්ථාළ්හක මෙහෙණි අසපුවේ වැඩ වාසය කරමින් ඒ භික්ෂුණී සංඝයාද ගොයුම් ගොත් බුදු සසුන හෙළදිව්හි බැබැළවු සේක්මයි…

මෙවන් උඳුවප් පොහෝ දිනෙක මෙහි වැඩම කොට, තපෝ ගුණයෙන් හෙළදිව් මනකල් කළෑ ඒ සංඝමිත්තා මහා රහත් මෙහෙණින් වහන්සේටද හෙළදිව් මිණි කිරුළවැ මහා මෙව්නාවේ උඩ මළුවේ වැඩ වෙසෙනා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද අපගේ ශීර්-ෂ නමස්කාරයම වේවා!


Share
Tweet
Pin
Share
Share
Share

General

More Dhamma Articles

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2

මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ … [Read More...]

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

බුද්ධ වන්දනාව හා නිවන් මඟ

සාධුකාරය කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ ( සාධු යනු සා + උද්ධ … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා … [Read More...]

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා ද්‍රෝණයක් වැඩ සිටින රුවන්වැලි මහා සෑය පිලිබඳ ශ්‍රද්ධාව ඇති කරගෙන වන්දනාමාන කරමු

"සයිංසු යස්මිං සුගතස්ස ධාතුනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණමාලිච පතීත නාමංවන්දාමහං ථුපවරං … [Read More...]

Leave a ReplyCancel reply

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap