BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » සසර දාහයට මෙත් සිසිල

සසර දාහයට මෙත් සිසිල

ඔක්තෝබර් 9, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි?

සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම වෙහෙසෙන්නේ සැප සෙවීමටමයි. ඉගෙනීම, රැකියා කිරීම, ධනය ඉපයීම, විවාහ වීම, දරුවන් ලැබීම ආදී සියල්ලම අප කලේ එයින් අප සොයන සතුට ලැබේවි යැයි සිතමිනි. එය සිතු සේ ඉටු නොවුනු නිසා ආර්ය මාර්ගයට පැමිණ නිවන කර යොමු වුනු භාවනාවකට අප සිත යොමු කලා.

මෙයින් හැඟී යන සත්‍යය කුමක්ද? සියලු ලෝ සතුන් සෑම මොහොතකම කිසියම් දුකකින් පෙලෙන බවයි. දුක්ඛ දොම්නසයන් උරුම කොට ජීවත් වන බවයි. සුගතියක ජීවත් වන මිනිස් ජාතියට එනම් සතර අපාගත වන සත්වයින් කෙතරම් දුකක් විඳිනවා ඇත්ද කියා සිතා බලන්න. දෙව්ලොව, බඹලොව වැනි ඉහල මට්ටමේ සුගතින්හී පවා ජරා මරණ තිබේනම්, ඒවායේද දුකක් පවතිනවා. ශුද්ධාවාස උපතක් නොලැබු දෙවියන් සහා බ්‍රහ්මයන් පවා ඒ උපත සඳහා හේතු පාදක වු පින් අවසන් වු පසු, මාර්ග ඵල ලාභින් නොවේනම්, අපාගත වීමටත් ඉඩ තිබෙනවා. එසේ නම් මේ තිස් එක් තලේ කොතනක වුවත් ඉපදී මිය යන සත්වයෙක් දුක උරුම කොට ඇති බව ආර්යයන් තේරුම් ගන්නවා. එපමණක් නොවෙයි, මෙම සක්වල ඉක්ම වු අනන්ත සක්වලයන්හි ඉපිද මිය යන සියලු සත්වයන්ද උරුම කොට ඇත්තේ මේ ආකාර වු දුකක්ම බව තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. මේ බව වටහා ගත් නිසා තමයි ආර්යයෙක් සියලු ලෝක සියලු සත්වයින්ට මෙත් සිත පතුරවන්නේ.

සියලු ලෝක යන්නේහි මීට වඩා ගැඹුරු ආර්යය අර්ථයක් සලකා බලන්න පුලුවන්. ඇස, කන, නසය, දිව, ශරීරය, මන කියන අභ්‍යන්තර ආයතන හයත් රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ, ධම්ම යන බාහිර ආයතන හයත් ස්පර්ශයෙන් ඡන්දරාගයෙන් බැඳී, සම්පස්සජා වේදනා හට ගන්නවා. සත්වය ඇලුම් කරන්නේ මේ ටිකටයි. ඇස, කන, නසය, දිව, ශරීරය, මන කියන්නේ අභ්‍යන්තර ලෝකයයි. රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ, ධම්ම කියන්නේ බාහිර ලෝකයයි. සියලු ලෝක යන්නෙන් මෙසේද අදහස් වෙනවා.

පංචස්කන්ධයට ඡන්දරාගයෙන් බැඳීම නිසා ‘සත්ව’ වෙනවා. උපාදානයෙන් සංඛාර කරමින් ඒවා ‘සත්’ ලෙස ගැනීමෙන් සත්ත්වයා නිර්මාණය වෙනවා. මෙසේ උපාදානය නිසා අභිසංඛාර කර එයින් ‘සත්ව’ බිහි වෙනවා. සියලු ලෝක හැදෙන්නේ අප විසින් කරන ලද සංඛාර වලට අනුවයි. සියලු ලෝක සියලු සත්වයින් මේ ලෙසින් අදහස් කරනවා.

අරිහත්වයේදී පංච උපාදානස්කන්ධය නිදහස් වෙනවා. විපාකස්කන්ධයෙන් නිදහස් වෙන්නේ පිරිනිවන් පෑ පසුවයි. සංයුක්ත නිකායේ බාහිර අනිච්ච සුත්‍රය, බාහිර දුක්ඛ සුත්‍රය, බාහිර අනත්ත සුත්‍රය යන සුත්‍රය වල මේවා පැහැදිලිව විස්තර කරනවා.

බාහිර අනිච්ච සුත්‍රය

 

ආර්ය මෛත්‍රී භාවනාව, ලෞකික මෛත්‍රී භාවනාවට වඩා වැදගත් වන්නේ කෙසේද?

සංයුක්ත නිකායේ ‘හාලිද්ද වසන සුත්‍රය’ ආර්ය මෛත්‍රීය වඩන ආකාරය පිළිබඳව බුදු රජාණන් වහන්සේ ඉතා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. අන්‍යය තීර්ඨක පරිබ්‍රාජික ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, ලෞකික මෛත්‍රී භාවනාවේත් වෙනස ඒ සුත්‍රයේ පැහැදිලිව පෙන්වා දෙනවා.

ආරිය මෛත්‍රී භාවනාව නිවන අරමුණු කර ගත් භාවනාවක්. සියලු සතුන්ට මෛත්‍රී පතුර වන අතර තමා නිවනටම යොමු වු සිතකින් පිහිටා සිටීම ආර්යකුගේ ස්වභාවයයි. ඔහු වඩන මෛත්‍රී භාවනාව, විවේක නිශ්‍රිත, විරග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාමි (නිවනට නැඹුරු වූ සිතකින් පතුරවන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතර බ්‍රහ්ම විහරණයම ආර්ය මෛත්‍රී භාවනාව තුලින් වැඩෙනවා. ඒ සමඟම බොජ්ජංග ධර්ම හතම වැඩෙනවා. සම්මා සමාධිය ප්‍රණ් වෙනවා. මේ බව ‘හාලිද්ද වසන සුත්‍රයේ’ ඉතා පැහැදිලිව කියා තිබෙනවා.

මෙයින් අපට පැහැදිලිව පෙනී යන්නේ ආර්ය මෛත්‍රී භාවනාව බෞද්ධ භාවනා අතරින් ඉතා වටිනා භාවනාවක් බවයි. ආරම්භක භාවනාවක් ලෙසත් මෙය ඉතාම වටිනා භාවනාවක්. මෙත්තාවෙන් පිරුණු සිතකින් ඉක්මනින් සමාධි ගත වෙන්නත් පුලුවන්. ධ්‍යාන හා අභිඤ්ඤා වඩන්නත් හැකියි. සම්මා සමාධියට පැමිණීමෙන් පසු, පාර්මිතා පිරුණු ආර්යයෙකුට සම්මා ඤාණ සම්මා විමුක්ති ලබා ගන්නටත් දක්ෂ වෙන්න පුලුවන්. අංගුත්තර නිකායේ මෙත්තානිංස සුත්‍රයේ සඳහන් වෙන, මෛත්‍රී භාවනාව වැඩීමෙන් ලබන ආනිසංස එකොළහම ආර්ය මෛත්‍රී භාවනාව වැඩීමෙන් නිතැතින්ම ලබා ගන්න පුලුවන්.

මෛත්‍රී භාවනාව වඩන විට එහි මතුපිටින් ඇති වචනාර්ථය පමණක් නොව, ඊට වඩා ගැඹුරින් විග්‍රහ වෙන ලෝකෝත්තර අර්ථය මෙනෙහි කිරීමයි වැදගත් වෙන්නේ. එය නිවනම අරමුනු කරගත්, විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාමි සිතකින් පතුර වන්නක් බව අප මුලින් සඳහන් කළා.

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

සසර දාහයට මෙත් සිසිල

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2

මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ … [Read More...]

චේතනාව, කාලය හා සතර අපායෙන් මිදීමේ ක්‍රමය

පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1

මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම … [Read More...]

බුදු දහමට අනුව සසර ගනුදෙනු

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap