BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා

ජූනි 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

කර්මස්ථාන තුලින් නිවන කරා

නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් වැඩීම සුදුසු වේ.

එක් එක් ආකාරයේ කර්මස්ථාන එක් එක් ආකාර වලින් කෙටි විස්තරයන් සහිතව සඳහන් කිරීමට හේතු වුයේ තමන්ට සුදුසු කර්මස්ථානය සොයා ගැනීමේ පහසුවටත්, මේ සෑම කර්මස්ථානයකින්ම සිදු වන්නේ ඒකායන බලාපොරොත්තුව වන නිවන අවබෝධය පිණිස පසුතලය සැකසීමක් බව ප්‍රත්‍යක්ෂ වීමටය. තවද නිවන් මග වැඩීමට අවශ්‍යය ධර්ම කරුණු සඳහන් කර ඇත්තේ එය ධර්ම අවබෝධයට පසුතලය සැකසීමට මහත් උපනිශ්‍රයක් වන බැවිනි. සමහර චරිත වලට ගැබුරු දහම් කරුණු ගැන අවබෝධයක් නොතිබුනද ලෝකයේ අසාරත්වය තමන්ටම හිමි ක්‍රමයක් තුලින් මාර්ගය වඩා අත්‍යවශ්‍ය අවබෝධය ලැබී මාර්ගය පූර්ණ කර ගැනීම සිදු වේ.

ආර්‍ය කර්මස්ථාන කවුරුන් සඳහාද?

1 – අනිච්ජ දුක්ඛ අනත්ත පිළිබඳ අවබෝධය ලැබු, නිවන් දැකීම එකම පරමාර්ථය ඇති අයට.
2 – දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්ඛම්ම කථා අසා අවබෝධය ලැබු අයට ඒ අවබෝධය පූර්ණ කර ගැනීම සඳහා.
3 – පංචකාමයෙන් අත්මිදීමේ සුවය දුටු අයට.
4 – අන්න්ත දුක් විඳින සත්ත්වයන් කෙරෙහි මහා දයානුකම්පාවෙන්, “මටද සියලු සත්ත්වයින්ටද මේ මහා නිවන් සුවය ලැබේවා…!”යි කියන ආර්ය මෛත්‍රිය හටගත් අයට.
5 – තමන් ලෝකයට ඇලී ඇති තැන දැක, එයින් මිදිය යුතු බව නුවණින් දැක, මිදීමෙන් ලබන ශාන්තිය මෙනෙහි කරන අයට.

 

භාවනා කල යුත්තේ කුමක් සඳහාද?

1 – ඇලීම සහ ගැටීම ඉවත් කලයුතු බව දැනුනු කෙනෙක්, ඇලීමෙන් හා ගැටීමෙන් මිදිය යුතු බව අවබෝධ කළ කෙනෙක්, ඤාණ දර්ශනය පහළ වු කෙනෙක් ඇලීමෙන් ගැටීමෙන් මිදීම සඳහා භාවනා කළ යුතුයි.

2 – ඇලීමේ ගැටීමේ ආදීනව දැක, එහි අසාරත්වය දැක්, එයින් මිදීම සඳහා භාවනා කළ යුතුයි.

3 – ඇලීම ගැටීම නැති අවස්ථාවක නෙක්ඛම්ම සුවය ලැබීම සඳහා භාවනා කළ යුතුයි.

4 – ඇලීම සහ ගැටීම නිසා ඇතිවන අසහනය දුරු කිරීම සඳහා භාවනා කළ යුතුය.

5 – ඇලෙන හා ගැටෙන අරමුණු එන් අවස්ථාවක නොඇලී, නොගැටී සිටීම සඳහා භාවනා කළ යුතුය.

6 – ලෝකයෙන් එන සෑම ප්‍රශ්නයකදීම කම්පා නොවී මුහුණ දීමට භාවනා කළ යුතුය.

7 – එදිනෙදා කරන ක්‍රියා කටයුතු අත හැරිය යුතු නොවන අතර, එම වැඩකටයුතු වලට තිබෙන චන්දරාගය දුරු කිරීමට භාවනා කළ යුතුය.(යමක් නිසා චිත්තය අන්ධ කරනවා නම් ඒවා “ජන්ද” නම් වේ. යමක් පසු පස ආශ්වාද සහිතව සැරිසරනවා නම් “රාග” වේ.)

8 – යමක් යමක් නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක් පීඩා, පෙලීම් ඇති වන්නේ නම් ඒ ඇති කරන හේතුවෙන් මිදීම සඳහා භාවනා කළ යුතුය.

 

නිවන යනු කුමක්ද?

අසඬ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසිස්සාමි අසඬ්ඛතගාමිඤ්ච මග්ගං තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඬ්ඛතං? යො භික්ඛවෙ, රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ – ඉදං වුච්චති, භික්ඛවෙ අසඬ්ඛතං. (අසංඛත සුත්තං – සංයුත්ත නිකාය – 4)

මහණෙනි, තොපට නිවනත් නිවන් මගත් දෙසන්නෙමි එය අසව්. මහණෙනි, නිවන කවරේද යත්; මහණෙනි යම්, රාගක්ඛයෙක්, ද්වේශක්ඛයෙක්, මෝහක්ඛයෙක් වේද මේ නිවන යයි කියනු ලැබේ.

 

නිවන් මග වැඩීමෙන් නැතහොත් කර්මස්ථාන වැඩීමෙන් ලබන ධර්මාවබෝධය තුළින් සසර පැවැත්මට හේතුවන, හේතු නිරෝධ කිරීම නිවනය මුලික ධර්මාවබෝධයෙන් ප්‍රථම වතාවට නිවන දකියි. මෙසේ දුටු නිවන කරා ගමන් කිරීම කර්මස්ථාන වැඩීමෙන් ක්ළ හැක. එහි අවසාන ප්‍රථිඵලය නිවන පූර්ණ කිරීමයි.

භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ශ්‍රාවකයන් හික්ම වන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද? භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ශ්‍රාවකයන් හික්ම වන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතී. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එනම් ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත බව.

 

ලෝකය

ලෝකය කිනම් ආකාරායකින් දැකිය හැකිද? ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාදය වශයෙන ලෝකය දැකිය හැකිය.

ස්කන්ධ වශයෙන් – පංච ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය (විභංග ප්‍රකරණයේ ස්කන්ධ විභංගය ඇසුරින්)

රූප ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි රූපයක් වේද, ඒ හැම රූපයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය රූප ස්කන්ධයයි කියනු ලැබේ.

වේදනා ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි වේදනාවක් වේද, ඒ හැම වේදනාවනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය වේදනා ස්කන්ධයයි කියනු ලැබේ.

සංඥා ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි සංඥා වේද, ඒ හැම සංඥායනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය සංඥා ස්කන්ධයයි කියනු ලැබේ.

සංඛාර ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි සංඛාර වේද, ඒ හැම සංඛාරයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය සංඛාර ස්කන්ධයයි කියනු ලැබේ.

විඤ්ඤාණ ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි විඤ්ඤාණ වේද, ඒ හැම විඤ්ඤාණයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය විඤ්ඤාණ ස්කන්ධයයි කියනු ලැබේ.

 

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. … [Read More...]

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් … [Read More...]

චේතනාව, කාලය හා සතර අපායෙන් මිදීමේ ක්‍රමය

පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන … [Read More...]

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap