BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » බුදු දහමට අනුව සසර ගනුදෙනු

බුදු දහමට අනුව සසර ගනුදෙනු

පෙබරවාරි 27, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. අනාදීමත් සංසරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ අපි කී වතාවක් මැරිලා ඉපදුනාද කියලා. මෙන්න මේක තමයි ජාති ආගම් භේදයක් නැතිව මුලින්ම අපි අවබෝද කර ගන්න ඕන. දවසක් තථාගතයන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා පිරිසක් අහනව, ස්වාමිනී අපි කී වතාවක් උපදින්න ඇත්ද කියලා. ඒ වේලාවෙ උන්වහන්සේ කියනවා, පින්වත් මහණෙනි නුඹලා මනුස්ස වෙලා බීපු මව් කිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයටත් වඩා වැඩියි කියලා. ඒ කියන්නේ අනත්තයි අප්‍රමාණයි.එහෙනම් මේ සංසාරෙ අපි මේ ඉපිද ඉපිද මැරි මැරි ආපු වාර ගණන අනත්තයි අප්‍රමාණයි.

තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අපිට නෑදෑයෙක් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නෑ කියලා. ඒ කියන්නේ අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, සහෝදර සහෝදරිය නොවෙච්ච, දරැවන්, ස්වාමී පුරුෂයා භාර්යාව නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වය තුල නෑ කියලා.

එහෙනම් එච්චර කාලයක ඉඳලා තමයි අපි මේ ගමන එන්නේ. ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳ විඳ මේ ගමන අපි එන්නේ. ඒ එනකොට අපිට විවිධාකාර පුද්ගලයෝ මුන ගැහිලා තියෙනවා. ඒ විවිධාකාර පුද්ගලයෝ සමඟ විවිධාකාර දේවල් හටගෙන තියෙනවා. කෙනෙක් සමඟ ළබැඳියාවක් හටගෙන ඇති. කෙනෙකුට අපි වෛර කරලා ඇති. කෙනෙකුට අපි අසාධාරණයක් කරලා ඇති. ඔන්න ඔය ආදී වශයෙන් කරපු දේවල් මේ සංසාරේ ඉදිරියට ඇදෙනවා.

තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් ඔබ අහලා ඇති, මේක මරණ දැන්වීම්වල ගහලා තියෙනවා. “රූපං ජිරති මජ්ජානං නාම ගොත්තං නජීරතී” කියලා.ඕක කිව්වාම අද මිනිස්සු හිතාගෙන ඉන්නේ, රූපය දිරනවා ඒ උනාට පුද්ගලයාගේ නම දිරන්නේ නැතිව තියෙනවා කියලා. ඒ අරමුනෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. නැත්නම් එතනට ඕක ගහන්න සුදුසු දෙයක් නෙවෙයි. රූපය දිරල ගියා, හැබැයි ඒ පුද්ගලයගේ නම අපි අතර පවතිනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඕනම දෙයක් කරනකොට එතන තියෙනවා යම්කිසි රූපයක්. ඒ කරපු දේ නැතිවෙලා ගියාට, ඒ කරපු දේ නිසා මේ විශ්ව ධාතුවට පිටවෙලා ගිය කිරණ සමුදාය එලෙසම පවතිනවා. අන්න ඒ කිරණ සමුදාය එලෙසම පවතින නිසා තමයි අපේ බුදුන් වහන්සේට කියන්න පුලුවන් වුනේ, මම මීට බුදුවර විසිහත් දෙනෙකුට එපිටදී දීපංකර බුදු හමුදුරුවන්ගේ පාද මුලයේදි සුමේධ නම් තාපසයා වෙලා නියත විවරණ ගත්තා කියල. එහෙනම් මේ කියන නාම ධර්මයන් ඒකාන්තයෙන්ම මේ විශ්ව ධාතුව තුල තැන්පත් වෙනවා. ඒ නිසා තමා ඕනම බුදුවරයන් වහන්සේ නමකට ඒක කියන්න පුලුවන් වෙන්නේ. ඔන්න ඕක තමා නාම ගෝත්‍ර කියලා කිව්වේ.

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය Nirvana Dhamma

More Dhamma Articles

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

බුදු දහමට අනුව සසර ගනුදෙනු

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ … [Read More...]

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

  බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම "බෝධි සත්වයන් වහන්සේ … [Read More...]

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

රුවන්වැලි මහසෑයේ කතාව

… [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap