BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3

දෙසැම්බර් 26, 2022 Genji 1 Comment

Share
Tweet
Pin
Share
Share
Share

ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංචේන්ද්‍රියන්ට එහා ගිය ලෝකයක් ගැනත්, ඒවාට ගරහන්නේ නැතිව යහපත උදා කරගන්න විදිහත් භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව Series එකේ කලින් ලිපි 2කින් යම් ප්‍රමාණයකට විග්‍රහ කළා. විශේෂයෙන් ගති ආකර්ෂණය හා ගති රුව, ගති හඬ, ගති ගුණ ගැනත් සඳහන් කළා. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ ගති ආකර්ෂණය පැරැන්නන් ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය තව දුරටත් විග්‍රහ කරන්න.

භෞතිකවාදීන් කියලා හඳුන්වන පිරිස් පැරැන්නන් භාවිතා කළ ක්‍රමවේදවලට ගැරහීම සාමාන්‍ය දෙයක්.

“මේ නක්ෂත්‍රකාරයින් කේන්දර වගේ බොරු දේවල් බලලා ඒවායේ දෝස, අපල තියෙනවා කියලා කියනවා. ඒවායින් බේරෙන්න පුද පූජා, දානමාන දීම්වලට අමතරව මැණික් ගල් වගේ වටිනා පාෂාණ පළඳින්න කියලත් කියනවා. නමුත් ඒවායින් මුකුත් සිද්ධවෙන්නේ නෑ. අපේ මෝඩ මිනිස්සුත් ඔවුන් මොකක් හරි කිව්වම ඒක පිළි අරගෙන කීයක් වියදම් වුනත් ඒවා අරගෙන පළඳිනවා. භෞතික වස්තු වන්දනාමාන කරනවා. ඉතින් මේවට ගොඩක් වියදම් වෙනවා. නක්ෂත්‍රකරුවන් මිනිස්සු රවට්ටලා හොඳ වෙළඳාමක් කරගෙන ඔවුන් පොහොසත් වෙනවා. මෝඩ ජනතාව දුක්පත් වෙනවා. ඔය අපල කියලා කියන්නේ ඔවුන්ට අහුවෙලා ඒවට රැවටිලා විසාල මුදලක් අහිමි කර ගැනීමම තමයි. ඔය ගල් පැළඳුවයි කියලා විශේෂයෙන් මුකුත් ලැබෙන්නේ නෑ”

~භෞතිකවාදියා

මේ තමයි භෞතිකවාදීන් ඔවුන්ගේ මතවාද ඉදිරිපත් කරනකොට කියන කතාව. ඔවුන්ට තියෙන්නේ ජනතාව පිළිබඳ අමුතුම දයානුකම්පාවක්. ඒ නිසා තමයි ඔවුන් හැම අවස්ථාවකදීම මේ වගේ දේවල් කියන්නේ.

හැබැයි මේ අය,
► ජාන වෙනස් කළ ආහාර ගැන,
► කෘමිනාශක භාවිතය නිසා ඇතිවන රෝග ගැන,
► කෘතිම වර්ණකාරක, රසකාරක කෑමට එකතු කිරීම නිසා ඇතිවන හානිය ගැන,
► රැහැන් රහිත විද්‍යුත් උපකරණ භාවිතය තුලින් සමාජයට වන අයහපත ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ.
► ඒවා විකුණලා බහුජාතික සමාගම් හම්බ කරගෙන පිට රටට ඇදිලා යන විසාල ධනස්කන්ධය ගැන කිසිම අදහසක් ප්‍රකාශ කරන්නේ නෑ.

වස විස ගැන, ජාන වෙනස් කළ ආහාර ගැන, වර්ණකාරක, රසකාරක එකතු කළ ආහාර ගැන මේ ලිපියෙන් කතා කරන්නේ නෑ, ඒවා ගැන ඉස්සරහට වෙන ලිපියක් ලියන්නම්.

Human Aura Magnetic Field

Gemstone හා Crystal පැළඳීමේ ඇත්ත කතාව

දැන් අර මැණික් ගල් පැළඳීම ගැන කියන කාරණාව දෙසට යොමු වෙලා ඒකෙන් සිද්ධ වෙන දේ නූතන විද්‍යා ඇසින් විග්‍රහ කරන්නේ කොහොමද කියලා බලමු.

අද වෙනකොට නූතන විද්‍යාවෙන් විශේෂ කැමරා 2ක් හදලා තියෙනවා. ඒවට Kirlian කැමරාව හා Aura කැමරාව කියලා කියනවා. කිර්ලියන් කැමරාවෙන් මනුස්සයින් ඇතුළු සත්ත්වයින්ගේ හා ද්‍රව්‍ය වස්තුවල තියෙන රැස් මඬල හෙවත් ඕරා වළල්ල යම් කිසි මට්ටමකින් හසු කරගන්න පුළුවන්.

Aura කැමරාව මගින් මනුස්සයින් ඇතුළු සත්ත්ව ශරීරවල තියෙන රැස් මඬල යම් කිසි මට්ටමකින් හසු කරගන්න පුළුවන්. මොකද ඒ කැමරාව භාවිතා කරනකොට අදාළ පුද්ගලයගේ/සත්ත්වයාගේ අත සංවේදකයට තියලා ඒ හරහා තමයි රැස් වළල්ල හසු කරගන්නේ. Kirlian ඡායාරූපකරණයේම වැඩි දියුණු කරපු අවස්ථාවක් තමයි Aura කැමරාව.

ඒකේ තියෙන විශේෂත්වය තමයි තමන් හිතන පතන ආකාරයට, ඒ කියන්නේ චේතනාව අනුව පටිච්ච සම්පුප්පන්නව තමන්ගේ රැස් මඬලේ හෙවත් Aura වළල්ලේ පාට වෙනස්වීම සටහන් වීම.

මෙහිදී ඔවුන් කියන්නේ, තමන්ගේ රැස් මඬලේ තියෙන දුර්වලතා මග හරවා ගැනීම සඳහාත්, රැස් මඬල වෙනස් කිරීම සඳහාත් ප්‍රතිකාර කළ යුතු බව. ඒ සඳහා වර්ණ සත්කාර හෙවත් Color Therapy Treatment හෝ විවිධ පාෂාණ වර්ග පැළඳීම හෝ කළ යුතු බවත් ඔවුන් පවසනවා.

ඒ පාෂාණ පළඳලා නැවත රැස් මඬල පරීක්ෂා කරනකොට පේන්නේ, තමන්ගේ රැස් මඬල හෙවත් Aura වළල්ලේ පාට වෙනස් වෙලා තියෙන බව. ඒකෙන් ලෙඩ රෝග අඩුවීම, මානසික සුවය ඇතිවීම වගේ තවත් බොහෝ දේ සිද්ධවෙනවා. මේ වර්ණ සත්කාර ක්‍රමවේදයත් අද වෙනකොට දියුණු රටවල බහුලව භාවිතා කරනවා. ඒක බොහොම විද්‍යාත්මක ක්‍රමවේදයක්.

ඊළඟට සුවඳ සත්කාර ක්‍රමය — Aromatherapy Treatment — කියලා තවත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික මල් සුවඳ වගේ දේවල් ආඝ්‍රහණය කරන්න සලස්වලා ලෙඩ රෝග දුරු කරන ක්‍රමවේදයක්. එදා ජීවක වෙද මහත්තයත් ලොව්තුරා බුදුන් වහන්සේට යම් කිසි ඖෂධ පුරවපු නෙළුම් මලක් වාර ගණනක් ආඝ්‍රහණය කරන්න සලස්වල බඩ විරේකයක් කළ බවට සාක්ෂි ධර්මයේ සඳහන් වෙනවා.

එදා තරම් ගැඹුරට නැතත් ඒවා අදටත් ලෝකයේ පාවිච්චි වෙනවා.

එතනදිත් මූල ධර්මය විදිහට ප්‍රධාන වශයෙන් එන්නේ ගති ආකර්ෂණය. මලකින් එන සුවඳක් වුනත් හැදිලා තියෙන්නේ මනුස්සයින්ගේ කලින් තිබිච්ච අලෝභ, අද්වේශ, අමෝහ ගති පිටවෙලා ගිහින් ඊට අදාළ ශක්තිවලින්.

මේ කියන ප්‍රතිකාර ක්‍රමයෙනුත් ඒ ශක්තිය තමයි නැවත ඇදලා අරගෙන ශරීරයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරන්න යොදාගන්නේ. හැබැයි එතනදිත් තමන් ළඟ සමනන්තරය හදාගෙන තිබුනොත් තමයි ඒ ප්‍රතිකාරය හරියටම ප්‍රත්‍යවෙන්නේ. ඒ නිසා තමයි එදා හිටපු අපේ වෙද මහත්වරු ලෙඩෙක් ආවම, ඒ පුද්ගලයගේ මානසිකත්වය හදන්න ආගිය තොරතුරු කතාබහ කරල ඉස්සෙල්ලම යම් කිසි මානසික චිකිත්සාවක් දෙන්නේ. ඒ විදිහට මානසිකත්වය හදලා ඒ සඳහා උපදෙස් දීල තමයි මැණික් ගලක්, යන්ත්‍රයක් වුනත් පළඳින්න දුන්නේ, බේතක් හේතක් දුන්නේ.

වේදය දන්න මහත්තයා තමයි වෙද මහත්තයා කිව්වේ.
ඒ කියන්නේ චතුර්වේදය.
වේදය කියන්නේ විද්‍යාව.

මෝහන විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව, නාඩි වෙදකම, ළය විරේකය, බඩ විරේකය, මොළ විරේකය, ඇස් විරේකය … ආදී මේ සියල්ලම ඒකට අයිතියි. එදා හිටපු වෙද මහත්වරු ඒ වේදයට අයිති දේවල් දැනගෙන හිටියා.

හැබැයි වේදය කියල කිව්වට, ඒවටත් පසුකාලීනව බුදු දහමෙන් කොටස් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කාලයක් යද්දි බුදු දහමෙන් නිවන් දකින කොටස් යටපත් වෙලා ලෞකික කොටස් බවට පරිවර්තනය කරලා ඒවත් ඔය වේද ග්‍රන්ථවලට ඇතුලත් කරලා තියෙනවා.

ඊට අමතරව විශෙෂයෙන් කලින් කල පාරමිතා පුරන මහ බෝසත්වරු තමයි මහ සෘෂිවරු වෙන්නේ. ඒ මහ සෘෂිවරු මතු කරලා දුන්න ලෞකික විද්‍යාවක් තමයි මේ වේද ග්‍රන්ථවල තියෙන්නේ. ඒවායින් යම් කිසි කෙනෙක්ගේ මානසිකත්වය, යන එන විදිහ, ඇවිදින, කතාබහ කරන විදිහ, දේහ ලක්ෂණ විද්‍යාව, කාල හෝරා චක්‍ර ආදී මේ සියල්ලම අරගෙනයි බේත් හේත් කරන්නේ.

යම් කිසි කෙනෙක් ප්‍රතිකාර ගන්න එනකොට ඒ සාස්ත්‍රවලින් අවශ්‍ය දත්ත සියල්ලම හොයා ගන්නවා. එහෙම හොයාගෙනමයි ඒකට සුදුසු ප්‍රතිකාරය දෙන්නෙ. ඒ කියන්නෙ හේතුඵල දැනගෙන තමයි එදා ප්‍රතිකාර කළේ. නමුත් දැන් ඉන්න අය ඒ මට්ටමට දන්නෙ නෑ.

ප්‍රත්‍යවේක්ෂා For The Day

දැන් විශේෂයෙන් බටහිර බෙහෙත් (ඉංග්‍රීසි ඛෙහෙත්) සෑහෙන කාලයක් පාවිච්චි කළාම සාමාන්‍යයෙන් හුඟක් අයට බඩ දැවිල්ල වගේ අතුරු ආබාධ එනවා. ඒ නිසා හුඟක් අය ඒ බෙහෙත් පාවිච්චි කරන්නෙ බේත් එක්ක ගැටිල අප්පිරියාවෙන්, අකමැත්තෙන්. හැබැයි බටහිර බේතක් වුනත් එහෙම නොවී පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. බෙහෙත පාවිච්චි කරන්න පෙර ඒ බේත ප්‍රතික්ෂේප කරල අකමැත්තෙන් පාවිච්චි කළොත් තමයි ඒ විදිහට ගැටළු එන්නෙ. ඒ නිසා පාවිච්චි කරන්න පෙර, ඒ බේත පිළි අරගෙන ඉන්න ඕන. ඒ කියන්නෙ ආහාර ගන්නකොට වගේ ඒ බේත ප්‍රත්‍යවේක්ෂා කරල පාවිච්චි කරන්න ඕන.

ඒ බේත තමන්ගෙ අතේ තියාගෙන ඒක දිහා බලාගෙන, “මේ බෙහෙත දිව ඔසුවක් වී මාගේ ශරීරයේ තියෙන ලෙඩ රෝගවලට පමණක් ප්‍රත්‍ය වේවා” කියල අධිෂ්ඨාන කරල ඒ බේත පාවිච්චි කළාම ඒක පිළිගත්ත වෙනවා, ප්‍රත්‍ය වෙනවා. මෙතනදි “ලෙඩ රෝගවලට පමණක්” කියල කියන්නෙ, ඒ බේත වෙනත් ඒවටත් ක්‍රියා කරල අතුරු ආබාධ එන්න පුළුවන් නිසා.

පමණක් කියල එල්ල කරලම හිත පිහිටෙව්වම ඒ එල්ල කරපු දේටම ප්‍රත්‍ය වෙනවා. එතකොට අර වගේ ගැටළු එන්නෙ නෑ. ඒක ඕන කෙනෙකුට ප්‍රායෝගිකව කරල බලන්න පුළුවන් දෙයක්.

මේ කාරණය මනෝ විද්‍යාවෙත් උගන්වනවා. එතනදි සිද්ධ වෙන්නෙත්, සමනන්තර—අනන්තර ප්‍රත්‍ය ගැලපිලා එන ගති ආකර්ෂණ මූල ධර්මය. එතකොට ගතියට ගතිය ගැලපිලා ශරීරය විසින් ඒ බෙහෙත් පිළිගන්නවා,

ශරීරයට ප්‍රත්‍ය වෙනවා. මානසිකත්වය තමයි එතනදි වැදගත් වෙන්නෙ. එතකොට බෙහෙතෙ තියෙන අනන්තරයත් එක්ක ගැටීමක් නෑ. ගතියට ගතිය ගැලපිලා ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නෙ අර බෙහෙත් එක්ක තියෙන ද්වේශ විඤ්ඤාණය කඩල බේත පිළිගන්නවා.

Been There, Done That! A Long Time Ago …

ඉතින් අපේ පැරැන්නන් අපල උපද්‍රවවලට කළෙත් අර ඉහතින් සඳහන් කළ නවීන විද්‍යාවෙන් හඳුන්වා දෙන ප්‍රතිකර්ම තමයි. මැණික් ගල්, යන්ත්‍ර, පිරිත් නූල් පැළඳීම කළේ, තමන්ගෙ රැස් මඩල වෙනස් කරගන්න. ඒක වෙනස් වෙන්නෙ, විශ්වයේ තියෙන ශක්තීන් සහ ඒ රන්, රිදී, මුතු, මැණික් ආදියේ තියෙන ශක්තීන් ඒ මූලද්‍රව්‍ය හරහා ආකර්ෂණය කර ගැනීමෙන්. ඒකත් ගති ආකර්ෂණය මත පදනම් වෙච්ච දෙයක්. ඒ කියන්නෙ විශ්වයේ තියෙන ඒ සුද්ධ කිරණ ශක්ති ඒ මූලද්‍රව්‍යවලට ඇද ගන්නෙ ගති ආකර්ෂණයෙන්.

සමනන්තර—අනන්තර ප්‍රත්‍යවලට අනුකූලව එන ගති ආකර්ෂණය තමයි මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නෙ.

මොකද මේ රන්, රිදී, මුතු, මැණික් ආදී ද්‍රව්‍යවලින් ස්වභාවිකවම සුද්ධ කිරණක් විහිදෙනවා. හැබැයි යකඩ වගේ දෙයකින් ඒ ජාතියේ සුද්ධ කිරණක් විහිදෙන්නෙ නෑ. ඒ නිසා තමයි උපන් හැටියෙ දරුවන්ගෙ රන් කිරි කට ගාන්නත් රත්තරන් ගන්නෙ. දරුව නිරෝගි වෙලා අපල උපද්‍රව නැතිවෙන්න කියල තමයි ඒක කරන්නෙ. රත්තරන්වල විශේෂ ශක්තියක් තියෙනවා. එතකොට ඒකෙන් කිරණ විහිදෙනකොට ඒ කිරණ මනුස්ස ශරීරයට ඇදල ගන්න නම්, මනුස්සයා ළඟත් ඊට සමාන ගතියක් හෙවත් සමනන්තරයක් තියෙන්න ඕනා. එහෙම නැත්නම් ඒ ශක්තිය හරියට ඇදෙන්නෙ නෑ.

ඒ වෙලාවෙදි මනුස්සයගෙ හිත මහා පරිමාණයෙන් දූෂ්‍ය වෙලා තිබුනොත් ඒ කිරණ ශක්තිය හරියට ඇදෙන්නෙ නෑ.

කොටින්ම කියනව නම් මනුස්සයෙක් අධික ද්වේශයෙන් ඉන්න වෙලාවට සමනන්තරය නැති නිසා ඒ සුද්ධ ද්‍රව්‍යවල තියෙන කිරණ ශක්තිය හරියට අදින්නෙ නෑ.

ඒ දූෂ්‍ය වීම අර රත්රන්, මැණික් ගල්වලින් නවත්වන්න බෑ.

මොකද ඒ දූෂ්‍ය ශක්තිය ඒ තරම් බලවත්. ඒ නිසා උදේ ඉඳන් රෑ වෙනකල් ද්වේශයෙන් කටයුතු කරන කෙනෙකුට අපල උපද්‍රව නැති කරගන්න රන්, රිදී, මුතු, මැණික් පැළෙඳව්වයි කියල එච්චර වැඩක් වෙන්නෙ නෑ. ඉතා කුඩා ශක්තියක් තමයි එතකොට ඇදෙන්නේ. ඒ නිසා මනුස්සයගෙ ගතිය දිගටම නරක විදිහට නම් තියෙන්නෙ බාහිරින් රන්, රිදී, මුතු, මැණික් ආදිය පළඳල ඒ තත්ත්වය පාලනය කරන්න බෑ.

Evolution? Devolution?

මේ රන්, රිදී, මුතු, මැණික් ආදී ද්‍රව්‍යවලින් පිටවෙන්නෙ සුද්ධ කිරණ. ඒ කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ පටන් මිනිස්සු හොඳ ගතිගුණවලින් ක්‍රමයෙන් පල්ලම් බහිනකොට ඒ පිටවෙච්ච ගතියට අදාළ ශක්තිවලින් හැදිච්ච බාහිර ද්‍රව්‍ය. එතකොට ඒවායේ අදටත් තියෙන්නෙ ඒ සුද්ධ ශක්තිය. ඒ සුද්ධ කිරණ අපි කරා ඇදල ගන්න නම්, සමනන්තර—අනන්තර ප්‍රත්‍යවලට අනුකූලව එන ගති ආකර්ෂණය ක්‍රියාත්මක වෙන්න නම්, අපිත් අලෝභ, අද්වේශ, අමෝහ ගති හදා ගන්න ඕනා.

එහෙම නැත්නම් රන්, රිදී, මුතු, මැණික් පැළඳුවයි කියල ඒවායින් ස්වභාවිකවම විහිදෙන කිරණ ශක්තීන් සුළු ප්‍රමාණයක් හැර ඒ සුද්ධ ශක්තිය 100% ක් ඒ හරහා අදින්න බෑ.

තුන්සිය හැටපස් දවසෙම දූෂ්‍ය හිතකින් කටයුතු කරන කෙනෙකුට ඒකෙන් ගන්න පුළුවන් ප්‍රතිඵලය ඉතා අඩු වෙනවා. 100% ක් ප්‍රතිඵල ගන්න නම් අර විදිහට අලෝභයෙන්, අද්වේශයෙන්, අමෝහයෙන් කටයුතු කරන්න ඕනා. එතකොට තමයි සමාන ගතියට සමාන ගතිය ඇදල එන්නෙ. ඒක ප්‍රයෝග සම්පත්තියක්.

කොහෙද යන්නේ, මල්ලේ පොල්ද?

නමුත් භෞතිකවාදීන්, අපේ පැරැන්නන් භාවිතා කළ මේ දේවල් ප්‍රතික්ෂේප කරල නවීන විද්‍යාවෙ සොයා ගැනීමක් වන Kirlian සහ Aura කැමරාව පිළිගන්නවා.

මේ කාරණය කොච්චර සාධාරණද?

අනික Aura කැමරාව තුළින් ඔප්පු වෙන්නෙත් පැරණි ක්‍රමවේද තුල මේ කියන විද්‍යාව ගැබ් වෙලා තිබිච්ච බව නෙවෙයිද?

ලෝකයා යමක් පිළිගන්නෙ බටහිර ජාතීන් හොයා ගත්තොත් විතරද? ධ්‍යානලාභී සෘෂිවරු හේතුඵල සහිතව හොයා ගත්තු ඒවා පිළිගන්නෙ නැත්ද?

තමන්ට වාසි වෙන දේ පමණක් පිළි අරගෙන, සම්පූර්ණ විග්‍රහයක් කරන්නෙ නැතිව ඔවුන් කරන මේ විග්‍රහයන්, නිවැරදි හේතුඵල දැකල කරන විග්‍රහයක් නෙවෙයි කියන කාරණය මේ තුළින් තව දුරටත් සනාථ වෙනවා.

අනෙක ජ්‍යොතිෂ්‍යඥයින් වගේ අයට, මේ කරුණු නවීන විද්‍යාව සමග ගැලපීමේ ඇති අපොහොසත්කම ප්‍රයෝජනයට ගන්න භෞතිකවාදීන් හෙවත් හේතුවාදීන්, මාධ්‍ය ඉදිරියට ඇවිත් ඔවුන්ව අපහසුතාවයට පත් කරල වීරයන් බවට පත් වෙනවා. ඒක මේ පැරණි සාස්ත්‍ර ක්‍රමවේදවල වරදක් නෙවෙයි. ඒවායේ හරය යටපත් වෙලා ගිහින් නෂ්ඨාවශේෂ විතරක් ඉතිරි වුනාම ඒකෙන් ගන්න පුළුවන් ප්‍රතිඵල අඩු වීමයි සිද්ධ වෙලා තියෙන්නෙ.

ඒකෙන් සිද්ධ වෙන්නෙ ඒවායින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන අපතෙ ගිහින් කරදර ලෙඩ රෝග වැඩිකර ගැනීම හා පැරණි සාස්ත්‍ර වැළලී යාම. අනෙක් පැත්තෙන් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිගත වෙනවා.

මේ උත්සාහය, ඒ සාස්ත්‍ර ක්‍රමවේද වැළලී යාමට ඉඩ නොදී ඒවායේ තියෙන වැදගත්කම, අද වෙනකොට පැහැදිලි කර ගත හැකි නවීන විද්‍යාත්මක ක්‍රමවේද තුලින් තව දුරටත් පැහැදිලි කර ගැනීම සහ සමාජයට වැරදි නිවැරදි පෙන්වා දීල යහපත උදාකර දීම.

දැන් ඉතින් මේ පැරණි ක්‍රමවේද තුල තිබිච්ච විද්‍යානුකූල බව විස්තර කරන්න පුළුවන් අය නැතිවීම නිසා තමයි භෞතිකවාදීන් මේ ක්‍රමවේදවලට පහර ගහන්නෙ.

මොකද යන්ත්‍රයකින්, මැණික් ගලකින්, පිරිතකින් ලෙඩක් හොඳ වෙන්නෙ කොහොමද කියල ඒ ක්‍රමවේදය තෝරල දෙන්න දන්නෙ නෑ. නමුත් මේ වෙනකොට Kirlian කැමරා, Aura කැමරා වගේ දියුණු තාක්ෂණික උපකරණ තියෙන නිසා ඒවායින් කෙරෙන පර්යේෂණ අනුසාරයෙන් උගත් අය ඒ කාරණය පිළිගන්නවා.

නමුත් මෑතක් වෙනකල්ම මිනිස්සු මේ තාක්ෂණික ක්‍රමවේද තුලින් නෙවෙයි ඒ පැරණි දේවල් පිළිගත්තෙ. ඒ අය ඒක විස්වාසයෙන් තමයි පිළිගත්තෙ.

බුදු දහම, නක්ෂත්‍රය, වාස්තු විද්‍යාව, වෙදකම ආදී මේවා එකට බැඳිච්ච සංස්කෘතියක් ආදියේ පටන් පැවතුනා. අන්න ඒ පැවතෙන සංස්කෘතිය නිසා මිනිස්සු ඒක පිළිගත්තා.

හැබැයි ඊටත් වඩා එහාට ගියොත්, ඉස්සර ඒ සාස්ත්‍රවේද හොයා ගත්තු සෘෂිවරුන්ට නම් ඒ ක්‍රමවේද මුල පටන් අගටම අවබෝධ කරගන්න හැකියාව තිබුනා. ඊළඟට ඒ අයගෙ ගෝලයින්ටත් ඒ හැකියාව තිබුනා. මොකද ඒ අය ධ්‍යාන, සමාධි වඩපු අය.

දැන් ඉතින් ධ්‍යානත් නෑ, සමාධිත් නෑ, මුකුත් නෑ.

දැන් ආදියේ තිබිච්ච වටිනා දේ විනාස වෙලා ඊට වඩා වටිනාකමින් අඩු උප ආදිය හෙවත් උපාධිය තමයි ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. ඒ නිසා කොටසක් පරම්පරාවෙන් එන නිසා පිළිගන්නවා. අනෙක් කොටස තේරෙන්නෙ නැති නිසා ඒවාට පහර ගහනවා.

නමුත් දැන් අර කියන Aura කැමරා වගේ දියුණු තාක්ෂණික ක්‍රමවේද හරහා, විශේෂයෙන් Quantum Physics භෞතික විද්‍යාව හරහා, මේක මෙහෙමයි සිද්ධ වෙන්නෙ කියල ඒ තුල තියෙන විද්‍යාව පෙන්නුවම ඒ අංශයෙන් ඉගෙන ගත්ත අය ඒක පිළිගන්නවා.

උදාහරණ විදිහට එකම දේ එකම වෙලාවෙ තවත් තැනක තියෙනවයි කියන කාරණය Newtonගෙ මූලික ගණිත ක්‍රමවේද ඉගෙන ගත්තු අය පිළිගන්නෙ නෑ. අභිඤ්ඤා බලයෙන් එක දෙක තුන කරල පෙන්වන්න පුළුවන් කිව්වොත් ඒ අය ඒක පිළිගන්නෙ නෑ. හැබැයි Newton නියමයත් අභිබවා ගිහින් දැන් හොයාගෙන තියෙනවා අළුත් සිද්ධාන්තයක්.

ඒකෙන් එකම දේ එකම වෙලාවෙදි තවත් තැනක තියෙන්න පුළුවන් කියන කාරණය ඔප්පු කරල තියෙනවා.

ඒ කියන්නෙ එදා තිබිච්ච ලෝක සම්මත විද්‍යාවම අද තවත් දියුණු වෙලා එහෙම දේවල් තියෙන බව ඔප්පු කරල පෙන්වනවා. ඒ කාරණය සිද්ධාන්තයක් වශයෙන් ඔප්පු කරල ප්‍රායෝගිකවත් යම් යම් උදාහරණවලින් පෙන්වා තියෙනවා. දැන් එතකොට මේ කියන කාරණය තුලින්, අභිඤ්ඤා බල උපයෝගී කරගෙන එක දෙක කරල මවල පෙන්වන්න පුළුවන් කියන කාරණයත් ඔප්පු වෙනවා. හැබැයි ඔය Quantum Physics භෞතික විද්‍යාව එන්න පෙර ඒ වගේ දේවල් විද්‍යාඥයො පිළිගත්තෙ නෑ.

නමුත් ඊටත් පෙර එහෙම ක්‍රම ලෝකය තුල තිබුණා. විශේෂයෙන් බුදුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේ බොහෝ කොටම තිබුණා. නමුත් එදා තිබිච්ච ඒවා දැන් ඉන්න අයට ගෝචර කරගන්න බැරි වෙලයි තිබුනෙ.

A != A. Zoom To Omega Level!

හැබැයි මෙතනදි සමාන දෙයක් එකම වෙලාවෙ දෙපළක නෑ කියන කාරණයෙත් යම් කිසි අර්ථයක්, සත්‍යයක් තියෙනවා. නමුත් ඒක අති සියුම්. ඒ කියන්නෙ මොනම දෙයක්වත් 100% ක්ම සමාන නෑ. ආසන්න වශයෙන් සමානතාවයක් තියෙන දේ තමයි සම වස්තු හැටියට අපි සලකන්නෙ. මොකද පිටට පේන්නෙ සමාන විදිහට.

චුල්ලපන්ථක හාමුදුරුවො 500 ක් මවාගෙන හිටියයි කියන කාරණයෙදිත් ඒ 500 ම සර්ව සමාන නෑ.

පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ වෙනස්කම් පිටින් පේන්නෙ නෑ. පිටින් පේන්නෙ සමාන වගේ. මොකද සමානතාවයක් කියල පේන්නෙ චිත්තක්ෂණයක් ගානෙ බිඳෙන සිත්වලින්. ඒ වගේම රූපක්ෂණයක් ගානෙත් බිඳෙනවා. බිඳෙනකොට ශරීර, ද්‍රව්‍ය, වස්තු වෙනස් වෙනවා. හැබැයි මතුපිටින් හොයන්න බෑ.

රූප කලාප බිඳෙනකොට මොනම අවස්ථාවකවත් සමව බිඳෙන්නෙ නෑ, සමව පවතින්නෙ නෑ.

හරියට වක්කඩක පෙණ පිඩු එනව වගේ. චිත්තක්ෂණත් එක්ක රූප කලාපයක් බලනකොට ඒ චිත්තක්ෂණයට ගෝචර වෙන කොටස තමයි මේ කියන්නෙ.

වෙනත් විදිහකින් කියනව නම්, හිතට ගෝචර වන රූප කලාපයක ආයුස. චිත්තක්ෂණ 17 ක කාලයක තුල රූප කලාප කොහොමත් බිඳිල යනවා.

බිඳිල ගිහින්,

  • උපචය — උපද්දවීම
  • සන්තති — පැවතීම
  • ජරතා — වැහැරීම
  • අනිච්චතා — අන්‍යතාවයකට පත්වීම

කියල අවස්ථා 4 ක් බවට පත් වෙනවා. හැම රූපයක්ම එහෙමයි. අපි රූපයක් දිහා බලනකොටත් චිත්තක්ෂණ 17 ක් තුල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ තමයි එක රූපයක ආයුස. අපිට ඒ වගේ රූපයක් තමයි කොයි වෙලේ හරි අරමුණු වෙන්නෙ.

උපචය අවස්ථාවෙදි රූපයක් අරමුණු වෙනවා. ඒ අරමුණ අර ගන්නකොටම සන්තති අවස්ථාවත් ඇවිත් තියෙන්නෙ. ජරතා, අනිච්චතාවලට යනකොට ඒ රූපය ගෙවිල ඉවරයි.

ඊට පස්සෙ ඒ පිළිබඳ මතකය විතරයි එන්නෙ.

ඒක තමයි අපි ඈඳ ගන්නෙ.

ඒ හැමවෙලේම අපිට තියෙන්නෙ ආසන්න මතක සටහන්. ඒව තමයි අපි වර්තමානය කියල නිගමනය කරන්නෙ. වර්තමාන රූපයක් දැක්කා, බැලුවා කියන්නෙ ඒකයි.

නමුත් ඇත්ත වශයෙන්ම කාටවත් වර්තමානයක් දකින්න බෑ.

අතීතයට ගෙවී ගිය ක්ෂණික මතක සටහන් තමයි වර්තමානය කියල ගන්නෙ.

එතකොට සමානයි කියන කාරණය ගත්තොත්, එක ගහේ පොල් ගෙඩි අඳුනගන්න පුළුවන්. පොල් ගස් 10 ක් තිබුණොත් වතු අයිතිකාරයට පුළුවන්, මේ අහවල් ගහේ ගෙඩි කියල අඳුනගන්න. පොල් ගෙඩි වශයෙන් සමාන වුනාට ගහෙන් ගහට වෙනස්. ඊට පස්සෙ ගහේ ඉත්තෙන් ඉත්තටත් වෙනස්. අන්තිමට එක ඉත්තෙ ගෙඩිත් වෙනස්.

නමුත් ඒවා පිටින් පේන්නෙ නැති සියුම් වෙනස්කම්. ඒ අති සියුම් කාරණා අහුවෙන්නෙ දියුණු කරපු මනසකට විතරයි.

Dashi-Dorzho Itigilov Miracle

Dashi-Dorzho Itigilov Monk Miracle

ඒ වගේම මීට අවුරුදු 90 කට පමණ පෙර Mongoliaවෙ වැඩ හිටපු යම් කිසි අභිඤ්ඤා ශක්තියක් තිබිච්ච බලවත් හාමුදුරු නමකගෙ දේහය මේ ළඟදි හොයාගෙන තියෙනවා.

ඒ අය ඒ දේහයට ගෞරව කරනවා, වඳිනවා. උන්වහන්සේ පද්මාසනයෙන් ඉඳගෙන භාවනා කරමින් ඉන්නකොට 1927 දි තමයි අපවත් වෙලා තියෙන්නෙ. ඊට පස්සෙ උන්වහන්සේගෙ ගෝලයො ඒ ඉරියව්වෙන්ම දේහය ලුණු සහිත පෙට්ටියක දාල තැන්පත් කරල තියෙනවා.

2002 දි දේහය ගොඩ අරගෙන පරීක්ෂා කරනකොට, පුද්ගලයෙක් මියගිහින් පැය 12 කින් පසු සෛලවල තියෙන තත්වය මේ හාමුදුරුවන්ගෙ දේහයේ සෛලවලත් තියෙන බව විද්‍යාඥයො හොයාගෙන තියෙනවා. ඒ කියන්නෙ අවුරුදු ගණනාවක් ගිහිල්ලත්, මියගිහින් පැය 12 ක මෘත දේහයක ස්වභාවය තමයි තියෙන්නෙ.

ඒ දේහය තවමත් මහජනයාට දැක බලාගන්න තියෙනවා. මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ දේහය නරක් වෙලා නෑ.

මිසරයේ මමී — Mummy — කියන මළ මිනී නම් විවිධ බේත් ද්‍රව්‍ය ගල්වල පිරමිඩ් ඇතුලෙ තියල තිබිච්ච නිසා අවුරුදු මිලියන ගණනක් වුනත් තියෙනවා. ඒ කාරණය නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් දෙයක්. නමුත් මේ කියන හාමුදුරුවන්ගෙ දේහය එහෙම කිසිම විශේෂ බේතක් ගල්වන්නෙ නැතිව, භෞතික ක්‍රමවේදයක් පාවිච්චි නොකර තමයි මේ විදිහට තියෙන්නෙ.

මොකද ලුණු දැම්මයි කියල මිනිස් ශරීරයක් ඔච්චර කාලයක් නරක් නොවී තියෙන්න විදිහක් නෑ.

ඒ වගේම උන්වහන්සේ විසින් ලියා තියපු ලේඛනවල, ලෝකයේ ඇතිවන යම් යම් යුද්ධ ගැනත් අනාවැකි පළ කරල තියෙනවා.

ඒ සමහර අනාවැකි ඒ විදිහටම හරි ගිහින් තියෙනවා.

ඊට අමතරව උන්වහන්සේට දිය මතු පිට ඇවිදින්න පුළුවන්කමක් තිබුණ බවත් එදා හිටපු සාමාන්‍ය ජනතාව දැකල තියෙනවා. උන්වහන්සේ තමන්ගෙ ගෝලයින්ට සාසන අවවාදත් කරල තියෙනවා. ඒ සටහන් ලේඛන පිටින්ම හමුවෙලා තියෙනවා. දැන් ලෝකයේ විද්‍යාඥයින් පවා මේ දේහය මේ විදිහට තියෙන්නෙ කොහොමද කියල ඒ ගැන පරීක්ෂණ කරනවා.

එතකොට දැන් තියෙන විද්‍යාවටත් අහුවෙන්නෙ නැති ඒ ක්‍රමවේදය මොකක්ද?

භෞතිකවාදීන් මේවාට උත්තර දෙන්නෙ කොහොමද?

ඊළඟ කොටස ළඟදීම …

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය Aura, Gemstones, Materialist, Pirith, Yantra

More Dhamma Articles

ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ වරුනා

කෙසේද මා එය කරන්නේ ? කෙසේද මා එය කරන්නේ? " රැළි නැඟුණ නළලත පිරිමදිමින් හෙතෙම සක්මනේ යෙදෙන්නේ ය. … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2

මේ Series එකේ පළවෙනි ලිපියෙන්, විශේෂයෙන් ගති ආකර්ෂණය මූලික කරගෙන පෙන්වා දුන්නේ, ලෝක සම්මත විද්‍යාවේ … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1

මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම … [Read More...]

කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් … [Read More...]

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

Comments

  1. Avatar for ආර් ඇම් සරත්චන්ද්‍රආර් ඇම් සරත්චන්ද්‍ර says

    දෙසැම්බර් 26, 2022 at 7:28 පෙ.ව.

    මේවාගේ ලිපි සාමාජයට අවශ්‍යයයි. තුසිත තව්සාණො එක හෙලා ප්‍රකාෂ කලා සිද්ධාර්ථ කුමරු එකාන්තයෙන් බුදුවන බව. පැරණි දේට ගරහන එක හොඳදෙයක් මෙයි. අපල කියලා කියන්නේ පෙර ආත්මවල කල පව්. මේ කිසිතැනක හෝ පොත්වල නිවණ නැත. මේ ලිපියේද නිවණ නැත. ඔබ zero වෙන දවසක නිවණ ඔබකරා එනු ඇත. ඔබ නතර වෙන්න ඔබලඟම ඉන්න රහතන් වහන්සේ අවදිවෙයි.

    පිළිතුරු සැපයීම

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap