BuddhismVision

බවය උද්ධ කරන මාර්ගයේ ගමන් කරන්න

  • Home
  • About
  • බුදුදහම හා විද්‍යාව
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #3
  • දහම් Articles
  • සැමට සෙත් පිරිත්
    • අභිසම්භිධාන පිරිත
    • ජය පිරිත
  • අමතන්න
    • BV සිතියම
  • ► SUBSCRIBE
Home » සාමාන්‍ය » බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

අගෝස්තු 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

 

බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

“බෝධි සත්වයන් වහන්සේ ඇසතු බෝධි මුලයේදී තම චිත්ත සංථානය තුල පැවැති සියළු කෙලෙස් මුල් උදුරා දමා නික්ලේශී තත්ත්වයටම පත්විය. ඒ අයුරින්ම ඔබටත් ගෝතම බෝසතුන් වහන්සේ සිහිපත් කරගෙන ඒ බුද්ධ ශක්තියට අනුගතවීම සිහිපත් කර බෝධින් වහන්සේ අභියසදී, එදා බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වු බව සත්‍යයි. මමද රාගය, දේශය, මෝහය මගේ සිතින් ටික වේලාවකට හෝ උදුරා දමා නික්ලේශී බවට පත් වී, බුද්ධ ශක්තියට අනුගතවෙමී. මේ බෝධින් වහන්සේ ඒ ගෝතම බෝසතුන් වහන්සේට උපකාර වුවා නම්, මගේ සිතේත් පවතින රාග, දේශ, මෝහ කෙලෙස් මුල් සුලු වේලාවකට හෝ උදුරා දමා මේ බෝධින් වහන්සේ ඉදිරියේ දී මටත් නික්ලේශී බවට පත්වන්නට මේ බුද්ධ ශක්තිය ඒ අතීත සියලු බුදුවරුන් අනුගත කල බුද්ධ ශක්තිය මටත් ලබා ගන්නට හැකි වේවායි අඨිෂ්ඨාන කල හැකිය.

ඒ අනුව පිරිසිදු සිතක් ඇති කර ගැනීමට කරන ලද අඨිෂ්ඨානයෙන් යුතුව, ඒ සත්‍යක්‍රියා බලයෙන් ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් තමන් තුලද ඇති කර ගත හැකි. ඒ නික්ලේශී ශක්තියෙන් සත්‍යක්‍රියාවක් පතුරවා විශ්වයට මෛත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සුදු කිරණ ශක්තියක් පැතිරවීම අනුව තමන්ගේ තුන්සිත පහදා ගෙන රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර වු පිරිසිදු සිතක් මතුකර ගැනීම ” බෝධි පූජාවයි “. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගතවීමට ඔබටත් පුළුවන. එයයි බෝධින් වහන්සේ අභියසදී කරගත යුතු වන්නේ. එය යැදීමක්, යාඥාවක් හෝ පැතීමක් ප්‍රාර්ථනාවක් හෝ නොවේ.

මෙවන් යහපත් පිරිසිදු චේතනාවකින් යුතුව අඩුම වශයෙන් විනාඩි පහක් හෝ හැකි පමණ කාලයක් බෝධින් වහන්සේ ඉදිරි පිටදී මෙවැනි භාවනාවක් කළ හැකිය. මේ භාවනාව රාගයෙන් තොරව, දේශයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ විනාඩි ගණන ගතකිරීම අනුව ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ සිතේත් රාගය, දේශය, මෝහය ඉවත් කර ගැනීම ම බෝධි පූජාවයි, සත්‍ය ක්‍රියාවයි. ඒ සත්‍ය ක්‍රියා බලයෙන් පිරිසිදු චිත්ත කිරණ විශ්වයට පතුරුවා යමෙකුට සෙතක් ශාන්තියක් සහනයක් කිරීමටද බෝධි පූජාවෙන් ශක්තියක් නිර්මාණය වේ.

* දැන් රාග, දේශ, මෝහ තොරවු සිතින් බෝධි පූජාව තැබු කරුණු කාරණා මෙනෙහි කර සෙත් පතන්නාවු අයට සෙත් පතනු මැනවි.

Share
Tweet
Pin
Share
Share
Share

සාමාන්‍ය

More Dhamma Articles

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

සර්වඥතා සම්බුද්ධ ඤාණ වන්දනා

සොළොස මහා ඤාණ වන්දනා 1 . සො භගවා ඉතිපි පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ, පටිලාභ පඤ්ඤාය ඤාණේන සමන්නාගතෝ … [Read More...]

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

බුදු දහමට අනුව සසර ගනුදෙනු

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ … [Read More...]

චේතනාව, කාලය හා සතර අපායෙන් මිදීමේ ක්‍රමය

පින්වතුනි ධර්මය කියන්නේ ඉතාම ප්‍රබල දෙයක්. අපිට ධර්මය අහන්න ලැබෙන එක මහා වාසනාවක්. නමුත් ධර්මය කියන … [Read More...]

Leave a ReplyCancel reply

බලගතු සෙත් පිරිත්

Piritha Chanting

ජය පිරිත

Piritha Chanting

Atavisi Piritha

Piritha Chanting

Bojjanga Piritha

Piritha Chanting

Nawagraha Shanthiya

Piritha Chanting

Mora Piritha

Piritha Chanting

Chanda Piritha

ජය පිරිත

ජය සෙත් පිරිත අතිශය බලගතු මහා ජය පිරිත පහළින් ශ්‍රවණය කරන්න.▶️ Play Button එක ඔබන්න. ඇස් දෙක වහන්න. පිරිතට අවධානය දෙන්න! 🙏 මේ වගේ බලගතු සෙත් පිරිත් අහන්න YT Channel එකට Subscribe කරන්න 🙏 Intro Coming Soon! උච්චාරණය A Quick … දිගටම කියවන්න!

Featured Video

ආර්ය භාවනාවට ප්‍රායෝගික උපදෙස්

BuddhismVision ගැන කෙටියෙන් …

BuddhismVision යනු බුදු රජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ලෝක යථාර්ථයට මුහුණ දීමට කැමති ඕනෑම කෙනෙකුට සම්පතකි. එය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කැමති ඔබටයි. තවද එය ඔබගේ සියලු දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමට අවශ්‍ය ඔබ වෙනුවෙන්මයි.

Copyright © 2016–2026 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap