BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Sinhala » බුදු දහමට අනුව සසර ගනුදෙනු

බුදු දහමට අනුව සසර ගනුදෙනු

February 27, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

මේ සසර අපි ජීවත් වෙනවා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මේ සසර අපි ජීවත් වෙනව කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. අනාදීමත් සංසරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ අපි කී වතාවක් මැරිලා ඉපදුනාද කියලා. මෙන්න මේක තමයි ජාති ආගම් භේදයක් නැතිව මුලින්ම අපි අවබෝද කර ගන්න ඕන. දවසක් තථාගතයන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා පිරිසක් අහනව, ස්වාමිනී අපි කී වතාවක් උපදින්න ඇත්ද කියලා. ඒ වේලාවෙ උන්වහන්සේ කියනවා, පින්වත් මහණෙනි නුඹලා මනුස්ස වෙලා බීපු මව් කිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයටත් වඩා වැඩියි කියලා. ඒ කියන්නේ අනත්තයි අප්‍රමාණයි.එහෙනම් මේ සංසාරෙ අපි මේ ඉපිද ඉපිද මැරි මැරි ආපු වාර ගණන අනත්තයි අප්‍රමාණයි.

තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අපිට නෑදෑයෙක් නොවෙච්ච කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව තුල නෑ කියලා. ඒ කියන්නේ අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, සහෝදර සහෝදරිය නොවෙච්ච, දරැවන්, ස්වාමී පුරුෂයා භාර්යාව නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වය තුල නෑ කියලා.

එහෙනම් එච්චර කාලයක ඉඳලා තමයි අපි මේ ගමන එන්නේ. ඉපදි ඉපදි මැරි මැරි දුක් විඳ විඳ මේ ගමන අපි එන්නේ. ඒ එනකොට අපිට විවිධාකාර පුද්ගලයෝ මුන ගැහිලා තියෙනවා. ඒ විවිධාකාර පුද්ගලයෝ සමඟ විවිධාකාර දේවල් හටගෙන තියෙනවා. කෙනෙක් සමඟ ළබැඳියාවක් හටගෙන ඇති. කෙනෙකුට අපි වෛර කරලා ඇති. කෙනෙකුට අපි අසාධාරණයක් කරලා ඇති. ඔන්න ඔය ආදී වශයෙන් කරපු දේවල් මේ සංසාරේ ඉදිරියට ඇදෙනවා.

තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක් ඔබ අහලා ඇති, මේක මරණ දැන්වීම්වල ගහලා තියෙනවා. “රූපං ජිරති මජ්ජානං නාම ගොත්තං නජීරතී” කියලා.ඕක කිව්වාම අද මිනිස්සු හිතාගෙන ඉන්නේ, රූපය දිරනවා ඒ උනාට පුද්ගලයාගේ නම දිරන්නේ නැතිව තියෙනවා කියලා. ඒ අරමුනෙන් තමයි ඒක ගහලා තියෙන්නේ. නැත්නම් එතනට ඕක ගහන්න සුදුසු දෙයක් නෙවෙයි. රූපය දිරල ගියා, හැබැයි ඒ පුද්ගලයගේ නම අපි අතර පවතිනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඕනම දෙයක් කරනකොට එතන තියෙනවා යම්කිසි රූපයක්. ඒ කරපු දේ නැතිවෙලා ගියාට, ඒ කරපු දේ නිසා මේ විශ්ව ධාතුවට පිටවෙලා ගිය කිරණ සමුදාය එලෙසම පවතිනවා. අන්න ඒ කිරණ සමුදාය එලෙසම පවතින නිසා තමයි අපේ බුදුන් වහන්සේට කියන්න පුලුවන් වුනේ, මම මීට බුදුවර විසිහත් දෙනෙකුට එපිටදී දීපංකර බුදු හමුදුරුවන්ගේ පාද මුලයේදි සුමේධ නම් තාපසයා වෙලා නියත විවරණ ගත්තා කියල. එහෙනම් මේ කියන නාම ධර්මයන් ඒකාන්තයෙන්ම මේ විශ්ව ධාතුව තුල තැන්පත් වෙනවා. ඒ නිසා තමා ඕනම බුදුවරයන් වහන්සේ නමකට ඒක කියන්න පුලුවන් වෙන්නේ. ඔන්න ඕක තමා නාම ගෝත්‍ර කියලා කිව්වේ.

Share
Tweet
Pin
Share
Share
Share

Sinhala Nirvana Dhamma

More Dhamma Articles

පටිච්ච සමුප්පාදය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ( විභංගප්‍රකරණයේ පටිච්ච සමුප්පාද විභංගයේ 244 පිටුව … [Read More...]

තෙසැත්තෑ බුද්ධ ඤාණ

තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව සසර අතරමං ව කිසිදු පිළිසරණක් නොමැතිව මුලාව දුක් විඳින සත්ත්වයා කෙරෙහි … [Read More...]

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

  බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම "බෝධි සත්වයන් වහන්සේ … [Read More...]

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

Leave a ReplyCancel reply

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap