BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Rathana Suthraya With Sinhala Meaning

Rathana Suthraya With Sinhala Meaning

Rathana Suthraya With Sinhala Meaning
Share
Tweet
Pin
Share
Share
Share

Rathana Suthraya | රතන සූත්‍රය

යානීධ භූතානි සමාගතානී – භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේව භූතා සුමනා භවන්තු – අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං

තස්මා හි භූතා නිසාමේථ සබ්බෙ – මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යේ බලිං – තස්මාහි නේ රක්ඛථ අප්ප මත්තා

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා – සග්ගේ සු වා යං රතනං පණීතං
නනෝ සමං අත්ථි තථාගතේන – ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

ඛයං විරාගං අමතං පණීතං – යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි – ඉදම්පි ධම්මෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යං බුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයි සුචිං – සමධිමානන් තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝන විජ්ජති – ඉදම්පි ධම්මෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා – චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා – ඒතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යේ සුප්පයුත්තා මනසා දළ්හේන – නික්කාමිනෝ ගෝතම සාසනමහි
තේ පත්ති පත්තා අමතංවිගය්හ – ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යථින්දඛීලෝ පඨවිං සිතෝසියා – චතුබ්හි වාතේභි අසම්පකම්පියෝ
තථුපමං සප්පුරිසං වදාමි – යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යේ අරියසච්චානි විභාවයන්ති – ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා – නතේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

සභාවස්ස දස්සන සම්පදාය – තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ව – සිලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතුහපායේහි ච විප්පමුත්තෝ – ඡචාභිඨානානි අභබ්බෝ කාතුං
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

කිඤ්චාපි සෝකම්මං කරෝති පාපකං – කායේන වාචා උදචේතසාවා
අභබ්බෝ සෝතස්ස පටිච්ඡාදාය – අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

වනප්පගුම්බේ යථා ඵුස්සි තග්ගේ – ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථුපමං ධම්මවරං අදේසයී – නිබ්බාණ ගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ – අනුත්තරෝ ධම්මවරං අදේසයී
ඉදම්පි බුද්ධේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං -විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණ බීජා අවිරූළ්හි ච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායං පදීපෝ
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතෙන සච්චේන සුවත්ථි හෝතු

යානීධ භූතානි සමාගතානි – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පුජිතං – බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු

යානීධ භූතානි සමාගතානි – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පුජිතං – ධම්මං නමස්සාම සුවත්ථි හෝතු

යානීධ භූතානි සමාගතානි – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පුජිතං – සංඝං නමස්සාම සුවත්ථි හෝතු

Rathana Suthraya Sinhala Meaning

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත්ද රැස් වුන – අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුහ
සියලු භූතයෝ සැප ඇති සිත් ඇති වෙත්වා – එමෙන්ම මා පවසන දෙය හොඳින් අසත්වා

සියලු භූතයිනි එනිසා – අසව් යොමා සිත
මෙත් සිත් පතුරව් නිතරම – හැම මිනිසුන් වෙත
ඒ කිසිවෙක් තොප හට පින් – දිව රෑ පුද දෙන
පමා නොවීතෙපි ඒ හැම – නිති සුරැකිය යුතු

මෙහි හෝ පරලොව හෝ ඇති – යම් වස්තුවකට
දෙව්ලොව හෝ තිබෙනා යම් – උතුම්ම මැණිකට
නොහැකිය ගන්නට කිසි විට – බුදු රජ සම කොට
මෙය බුදු සමිඳුගෙ පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

කෙලෙස් නසන වීතරාගි – අමා නිවන යුතු
යම් දහමක් ලැබුයේ නම් – මුනිඳු සමාහිත
ඒ දහමට සම කල හැකි – කිසිවක් ලොව නැත
මෙය සදහම් තුළ පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

බුදු සමිඳුන් අගය කළේ – හොඳ යයි යමකට
සමාධියයි එය, අතරක – නොරැඳෙන කිසිවිට
ගත නොහැකිය කිසිවක් ඒ – සමවත සම කොට
මෙය සදහම් තුළ පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

පුද්ගලයෝ අට දෙනෙක්ය – හොඳ යයි පවසන
හතර දෙනෙකි මේ උතුමන් – යුගළ විලස ගෙන
මේ අය බුදු සව්වෝ වෙති – දනට සුදුසු වන
මහත් ඵලය ලැබදෙයි – මෙතුමන්ට පුදන දන
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

යමෙක් පිළිවෙතින් යුතු වෙද – මනසින් දැඩි කොට
නික්මෙන හැම කෙලෙසුන්ගෙන් – බුදු සසුනෙහි සිට
ඒ උතුමන් පැමිණිය පසු – සුන්දර නිවනට
වළඳති සුවසේ නිවනම – සිතු සිතු විලසට
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

සිට වු ගල්ටැඹක් විලස – පොළොවේ දැඩි ලෙස
සතර දිගින් එන සුළඟින් – නොසැලේ කිසි ලෙස
යමෙක් ” ආර්ය සත්‍යය” දකිත් නම් – මෙහි ඇති ලෙස
ඒ සත්පුරුෂයට කියමි මෙය – උපමා ලෙස
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් – පවසන ලද
“ආර්ය සත්‍යයන්” මැනැවින් දුටු – යමෙකුන් වෙද
භවයේ රැඳෙමින් කොතරම් – පමාව සිටියද
ඔවුන් නො එත්මය අටවැනි – භවයට කිසි ලෙස
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

ඔහු තුළ ඇති වන විටදිම – මඟ පල නුවණත්
සංයෝජන තුනක්ම දුරු වෙයි – තම සිතිනුත්
සක්කාය දිට්ඨියත් සමඟ – දහමේ සැකයෙනුත්
සීල ව්‍රතයට බැඳී තිබෙන – මේ කරුණෙනුත්
සතර අපායෙන් හෙතෙමේ – මිදෙයි මනා කොට
නොකරයි සය තැනක කර්ම – වැටෙන අපායට
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

කිසියම් පව් කමක් ඔහුගෙ අතින් කෙරුන විට
කයින් වචනයෙන් හෝ චේතනාව මුල් කොට
එය සඟවා ගෙන සිටින්ට නොහැකිය ඔහු හට
දහමකි මෙය සදහම් දැකගත්තු කෙනා හට
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

ගිම්හානේ පළමුව එන – වසන්ත කාලෙට
මල් පල බර වෙයි වනගොමුවල – සිරියාවට
දෙසු සේක උත්තම සිරි සදහම් – එලෙසට
පරම සුවය සදමින් එය – ගෙන යයි නිවනට
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

උතුම් මුනිඳු උතුම් දහම් දැන – එය බෙදමින
දෙසු සේක උත්තම අනුත්තර – සදහම් බණ
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

වැනසුනි හැම පැරණි කර්ම – යළි නොම රැස් වෙන
නො ඇලෙයි සිත අනාගතේ – කිසි භවයක් ගැන
වැනසී ගිය බිජුවට කිසිදා – නොම පැළ වෙන
නිවෙති රහත් සඟ නිවෙනා – මෙ පහන විලසින
මෙය බුදු පිරිසෙහි පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත්ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන “බුදු සමිඳුන් ” වන
නමඳිමු අපි ඒ බුදු රජ – සෙත සැලසේවා!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත්ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන “බුදු සමිඳුන් ” වන
නමඳිමු අපි ඒ බුදු රජ – සෙත සැලසේවා!

භූත පිරිස් කිසිවෙකු මෙහි සිටිත්ද රැස් වුන
අහසේ හෝ පොළොවේ හෝ ඒ හැම එක් වුන
දෙව් මිනිසුන් හැම පුද දෙන “බුදු සමිඳුන් ” වන
නමඳිමු අපි ඒ බුදු රජ – සෙත සැලසේවා!

Share
Tweet
Pin
Share
Share
Share

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap