BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Dhammachakka Sutra

Dhammachakka Sutra

Dhammachakka Sutra
Share
Tweet
Pin
Share
Share
Share

Damsak Pawathum Suthraya | දම්සක් පැවතුම් සූත්‍රය

ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහාරයේ ඉසිපතනේ මිගදායේ තත්‍ර ඛො භගවා පංච වග්ගියේ භික්ඛු ආමන්තේසි.

ඒමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා යෝ චායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පොථුජනිඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ චායං අත්ථකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේ තේ භික්ඛවේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමායේ අභිඤ්ඤායේ සම්බෝධායේ නිබ්බානායේ සංවත්තති.

කථමා ච සා භික්ඛවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමායේ අභිඤ්ඤායේ සබ්බෝධායේ නිබ්බානායේ සංවත්තති.

අයං මේ ව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙයියතීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පයෝ සම්මා වාචා සම්මා කම්මන්තයෝ සම්මා ආජීව සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං ඛෝසා භික්ඛවේ මජ්ජිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමායේ අභිඤ්ඤායේ සබ්බෝධායේ නිබ්බානායේ සංවත්තති.

ඉදං ඛො පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාදිපි දුක්ඛෝ මරණංපි දුක්ඛං අප්පියේ හි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යං පිච්චං නලබති තම්පි දුක්ඛං සංකිත්ථෙන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා.

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරියසච්චං යායං තණ්හා පුනුභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දිනි සෙයියතීදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා.

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ සමුදයං අරියසච්චං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ථි අනාලයෝ.

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරියසච්චං අයං මේ ව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙයියතීදං සම්මා දිට්ඨි සම්මා සංකප්පයෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි

ඉදං දුක්ඛං අරියසච්චංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතියේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරින්නෙයියංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතංතී මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛ සමුදයං අරියසච්චංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතියේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ සමුදයං අරියසච්චං පාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ සමුදයං අරියසච්චං පහීනංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛ නිරෝධං අරියසච්චංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතියේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධං අරියසච්චං සච්චි කාතබ්බංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධං අරියසච්චං සච්චිකතංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

ඉදං දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරියසච්චංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතියේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරියසච්චං භාවේතබ්බංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනි පටිපදා අරියසච්චං භාවිතංති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.

යාව කීවංච මේ හික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසකාරං යථාභූතං ඤාණදස්සනං  න සුවිසුද්ධං අහෝසි නේව තාවහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං යතෝච ඛෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සං  සුවිසුද්ධං අහෝසි අතාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං ඤාණංච පන මේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නන්ථිදානි පුනබ්බවෝ ති.

ඉදම වෝච භගවා අත්තමනා පංචවග්ගියා භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඉමස්මිංච පන වෙයියාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංති පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

බුම්මානං දේවානං සද්ධං සුත්වා චාතුම්මාරාජිකා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

චාතුම්මාරාජිකානං දේවානං සද්ධං සුත්වා තාවතිංසා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

තාවතිස්සානං දේවානං සද්ධං සුත්වා යාමා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

යාමානං දේවානං සද්ධං සුත්වා තුසිතා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

තුසිතානං දේවානං සද්ධං සුත්වා නිම්මානරති දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

නිම්මානරතිනං දේවානං සද්ධං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

පරනිම්මිතවසවත්තීනං දේවානං සද්ධං සුත්වා බ්‍රහ්මපාරිසජ්ජා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

බ්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්ධං සුත්වා බ්‍රහ්මපුරෝහිතා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

බ්‍රහ්මපුරෝහිතානං දේවානං සද්ධං සුත්වා මහාබ්‍රහ්මා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

මහාබ්‍රහ්මානං දේවානං සද්ධං සුත්වා පරිත්තාභා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

පරිත්තාභානං දේවානං සද්ධං සුත්වා අප්පමානාභා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

අප්පමානාභං දේවානං සද්ධං සුත්වා ආභස්සරා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

ආභස්සරානං දේවානං සද්ධං සුත්වා පරිත්තසුභා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

පරිත්තසුභානං දේවානං සද්ධං සුත්වා අප්පමානසුභා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

අප්පමානසුභානං දේවානං සද්ධං සුත්වා සුභකින්නතා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

සුභකින්නතානං දේවානං සද්ධං සුත්වා වේහප්පලා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

වේහප්පලානං දේවානං සද්ධං සුත්වා අවිහා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

අවිහානං දේවානං සද්ධං සුත්වා අතභ්භා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

ආතභ්භානං දේවානං සද්ධං සුත්වා සුධස්සා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

සුධස්සානං දේවානං සද්ධං සුත්වා සුධස්සී දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

සුධස්සීනං දේවානං සද්ධං සුත්වා අඛනිට්ටකා දේවා සද්ධ මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංති.

ඉතිහ තේන ඛනේන තේන මුහුත්තේන යාව බ්‍රහ්මලෝකා සද්ධෝ අබ්බුග්ගච්ජි අයං ච දස සහස්සි ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදි අප්පමානෝ ච උලාරො ඕභාසෝ ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්ති.

අථ ඛො භගවා ඉමං උදානං උදානේසි අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත බෝ කොණ්ඩඤ්ඤෝති ඉතිහි දං අයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ ත්වේ ව නාමං අහෝසිති.

Sinhala Meaning

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන නම් මිගදායේ වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළ සේක.

පින්වත් මහණෙනි, පැවිද්දන් විසින් සේවනය නොකල යුතු වු මේ අන්ත දෙකකි. යම් යම් කාමයන්හී කාම සුඛයේ ඇලී ගැලී වාසය කිරීමක් ඇද්ද මෙය හීන් වු දෙයකි. ලාමක වු දෙයකි. පුහුදුන් ජනයා විසින් සේවනය කරන දෙයකි. උත්තම මිනිසුන් විසින් සේවනය නොකරන දෙයකි. අනර්ථ සහිත දෙයකි.

පින්වත් මහණෙනි, යම් ඒ තමාව පීඩනයට පත කරවන වැඩ පිළිවෙළක් ඇද්ද එය දුක් සහිත දෙයකි. පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදි. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සංසිඳීම ඇති කරයි. විශේෂ ඥාණය ඇති කරයි. නිවන පිණිස පවතින්නේය. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් ඇස ලබාදෙන නුවණ උදා කරන, සංසිඳීම ඇති කරන, අවබෝධය ඇති කරන නිවන පිණිස පවතින්නා වු මධ්‍යම ප්‍රතිපදාව නම් කුමක්ද?

ඒ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි. එනම් සම්මා දිට්ඨිය ද, සම්මා සංකප්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම් ඇස ලබාදෙන නුවණ උදා කරන, සංසිදීම ඇතිකරන, අවබෝධය ඇති කරන නිවන පිණිස පවතින්නා වු මධ්‍යම ප්‍රතිපදාව නම් මෙයයි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වු ආර්ය සත්‍යයයි. ඉපදීම ද දුකකි. ජරාවට පත්වීම ද ද දුකකි. රෝග පීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයින් හා අප්‍රිය වස්තූන් සමග එක්වීම ද දුකකි. ප්‍රිය පුද්ගලයින් හා ප්‍රිය වස්තූන් ගෙන් වෙන්වීමද දුකකි. කැමති වන්නාවු යම් දෙයක් ඇත්ද එය නොලැබීම ද දුකකි. පංච උපාදානස්කන්ධයෝම දුකකි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වු ආර්ය සත්‍යයයි. පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වු, ඒ ඒ තැන සතුටින් පිළිගන්නාවු, යම් තණ්හාවක් ඇත්ද එය. එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ය.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම නම් වු ආර්ය සත්‍යයයි. ඒ තණ්හාවේම ඉතිරි නැතිව නොඇල්මෙන් වු නිරුද්ධ වීමක් වේ ද, දුරු වීමක් වේ ද, තණ්හාවෙන් මිදීමක් වේද ආලය නැතිවීමක් වේද එයයි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වු ආර්ය සත්‍යයයි. එනම් සම්මා දිට්ඨිය ද, සම්මා සංකප්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය ද යන මෙයයි.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නම් වු ආර්ය සත්‍යයයි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නම් වු ආර්ය සත්‍යය පරිපුර්ණ වශයෙන් අවබෝධ කළ යුතුයි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නම් වු ආර්ය සත්‍යය පරිපුර්ණ වශයෙන් අවබෝධ කරන ලදියි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ආලෝකය පහළ විය.

පින්වත් මහණෙනි, මෙය වනාහී දුක ඇතිවීම නම් වු ආර්ය සත්‍යයයි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නම් වු ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු යි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නම් වු ආර්ය සත්‍යය ප්‍රහාණය වුයේ යයි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැතිවීම නම් වු ආර්ය සත්‍යයයි කියා මා හට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නැතිවීම නම් ආර්ය සත්‍යය සාක්ෂාත් කල යුතුයි කියා මා හට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය.  ආලෝකය පහළ විය.

ඒ දුක නැතිවීම නම් ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදැයි කියා මා හට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වු ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. . ආලෝකය පහළ විය.

ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් ආර්ය සත්‍යය ප්‍රගුණ කල යුතු යි කියා මා හට පෙර නොඇසු විරු ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

ඒ දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වු ආර්ය සත්‍යය ය ප්‍රගුණ කරන ලදී යි කියා මා හට පෙර නොඇසු විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඥානය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

පින්වත් මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වු ඥානය දර්ශනය සුවිශුද්ධ ලෙස මා හට යම් තාක් අවබෝධ නොවුයේ වේද, ඒ තාක් කල්ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වු ලෝකයේ මරුන් සහිත වු බඹුන් සහිතව ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත වු දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වු සම්මා සම්බෝධිය අවබෝධ කළෙමියි ප්‍රතිඥා නොදුන්නෙමි.

යම් කළෙක පින්වත් මහණෙනි, මා හට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේ ආකාරයට පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව සැබෑ තත්වය නම් වු ඥානය දර්ශනය සුවිශුද්ධ ලෙසටම අවබෝධ වුයේ වේද, ඒ තාක් කල්ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත වු ලෝකයේ මරුන් සහිත වු බඹුන් සහිතව ශ්‍රමණක් බ්‍රහ්මණයන් සහිත වු දෙව් මිනිස් ප්‍රජාව තුළ මම වනාහී අනුත්තර වු සම්මා සම්බෝධිය අවබෝධ කළෙමියි ප්‍රතිඥා දුන්නෙමි.

මා හට ඥාන දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය වෙනස් නොවන්නේය. මෙය වනාහී මාගේ අන්තිම ඉපදීම වේ. දැන් මා හට පුනර්භවයක් නැත්තේය.

භාග්‍යවතුන් වහන්සේ මේ ධම්ම චක්ක දේශණය වදාළ සේක. අතිශයින්ම සතුටට පත් වු ඒ පස්වග භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මේ ශ්‍රී සද්ධර්මය මහත් සොම්නසින් යුතුව පිළිගත්තාහුය.

මේ ධම්මචක්ක දේශණය වදාරණ කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වු යම් දෙයක් ඇත්ද, හේතුන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ලම නිරුද්ධවී යන ස්වාභාවයෙන් යුක්ත යයි කෙලෙස් රහිත වු අවිද්‍යා මලකඩ රහිත වු දහම් ඇස පහළ විය.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වු ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කල නොහැක්කේම යයි කියා පොළොව වාසී දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

පොළොව වාසී දෙවියන්ගේ දහම්ඝෝෂා අසා චතුම්මහාරාජික දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

චතුම්මහාරාජික දෙවියන්ගේ දහම්ඝෝෂා අසා තාවසිංස දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

තාවසිංස දෙවියන්ගේ දහම්ඝෝෂා අසා යාම දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

යාම දෙවියන්ගේ දහම්ඝෝෂා අසා තුසිත දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

තුසිත දෙවියන්ගේ දහම්ඝෝෂා අසා නිම්මාණරතී දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

නිම්මාණරතී දෙවියන්ගේ දහම්ඝෝෂා අසා පරනිම්මිත වසවත්ති දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ දහම්ඝෝෂා අසා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

බ්‍රහ්ම පුරෝහිත දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා මහා බ්‍රහ්ම දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

මහා බ්‍රහ්ම දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා පරිත්තාභ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

පරිත්තාභ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා අප්පමාණාභ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

අප්පමාණාභ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා ආභස්සර දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

ආභස්සර දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා පරිත්තසුභ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

පරිත්තසුභ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා අප්පමාණසුභ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

අප්පමාණසුභ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා සුභකිණ්හ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

සුභකිණ්හ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා වේහප්පල දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

වේහප්පල දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා අවීහ දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

අවීහ දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා ආතප්ප දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

ආතප්ප දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා සුදස්ස දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

සුදස්ස දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා සුදස්සි දෙවියෝ දහම්ඝෝෂා පැවැත්වුවාහුය.

සුදස්සි දෙවියන්ගේ දහම්ඝෝෂාව අසා අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වු ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහි ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කවරෙකුට හෝ වෙනස් කල නොහැක්කේම යයි කියා අකනිට්ඨ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වුවාහුය.

ඒ ක්ෂණයෙහිම, ඒ මොහොතේම, බ්‍රහ්ම ලෝක යම්තාක් වේද, ඒ තාක්ම මේ දහම් ඝෝෂාව පැතිර ගියේය. දස දහසක් ලෝක ධාතුවම කම්පා විය. බලවත්ව කම්පා විය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වු ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේය.

ඒ කල්හි භාග්‍යවතුන් වහන්සේ උදානයක් පහළ කළ සේක.

භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා. කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම අවබෝධ කළා.

මේ ආකාරයෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යන නාමය ඇති වුයේය.

Share
Tweet
Pin
Share
Share
Share

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap