BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Dasa Disa Piritha

Dasa Disa Piritha

Dasa Disa Piritha
Share
Tweet
Pin
Share
Share
Share

දස දිසා පිරිත | Dasa Disa Piritha Lyrics

දස දිසා බන්ධන පිරිත

දස දිසා පිරිත කියන්නේ අතිශය මහ බලගතු බුද්ධ ආරක්ෂාවක්. හැබැයි මේ වෙනකොට මේ පිරිතේ විවිධ Versions දකින්න ලැබෙනවා. නමුත් බලගතුම වගේම ප්‍රථිපළ සුපිරියටම තියෙන එක තමයි මේ දස දිසා බන්ධන බුද්ධ ආරක්ෂා පිරිත කියන්නේ. මේකටම තමයි චූල ජිනපඤ්ජර පිරිත — Chula Jinapanjara Piritha — කියලා කියන්නෙත්.

සියලු ආරක්ෂාවන්ට, කොඩිවින, බන්ධන කපන්න මේ පිරිත යොදාගන්න පුළුවන්.

දිසාසු දස භාගේසූ — ඨිතා බුද්ධානු භාවතෝ
වේරාපි අන්තරායාපී — විනස්සන්ති අසේසතෝ
ඒවමාදි ගුණෝපේතං — පරිත්තං තං භණාමහේ

පදුමුත්තරෝ පුරත්ථිමායං — අග්ගිම්හි චේව රේවතෝ
දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ — නේරුතේච සුමංගලෝ
පච්ඡිමේච සිඛී බුද්ධෝ — වායව්‍යා මේධංකරෝ
උත්තරේ පියදස්සීච — ඊසානේ දීපංකරෝ
පථව්‍යා කකුසන්ධෝච — ආකාසේ සරණංකරෝ

ඒවං දස දිසාචේව — සබ්බේ බුද්ධා පතිට්ඨිතා
අච්චන්තරායා සබ්බ තේ — සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා තුයිහං — සබ්බිරියා පථේසුච
යක්ඛාදි දේවතාහීච — රාජ චෝරාරි අග්ගිහී
අමනුස්සේහි සබ්බේහී — තිරච්ඡාන ගතේහිච
ජාතා උපද්දවා සබ්බේ — විනස්සන්තු අසේසතෝ

සිරස්මිං තේ බුද්ධ සෙට්ඨෝ — සාරිපුත්තෝච දක්ඛිනේ
වාමංසේ මොග්ගල්ලානෝ — තේ පුරතෝ පිටකත්තයං
පච්ඡිමේ තව ආනන්දෝ — චතුද්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච — ඉන්ද දේවෝච බ්‍රහ්මච
ඒතේසං ආනුභාවේන — සබ්බූපද්ද චුපද්දවා
අනේකා අන්තරායාපී — විනස්සන්තු අසේසතෝ

පරිත්තස්සානු භාවේන — සබ්බ රෝග විනස්සතු
සබ්බ භය විනස්සතු — සබ්බ වින විනස්සතු
සබ්බන්තරාය විනස්සතු — සබ්බාකාර වින හිර බන්ධන විනස්සතු

සාදු! සාදු!! සාදු!!!

**පිරිත කියලා ඉවරවෙන හැම වතාවකම සාදුකාර 3ක් දෙන්න.

දස දිසා බන්ධන පිරිත Version #2

දිසාසු දස භාගේසු — ඨිතා බුද්ධානු භාවතෝ
වේරාදි අන්තරායාපි — විනස්සන්ත්යු අසේසතෝ
ඒවමාදි ගුණෝපේතං — පරිත්තං තං භණාමහේ

පදුමුත්තරෝ පුරත්ථිමායං — අග්ගිනේ චේව රේවතෝ
දක්ඛිණේ කස්සපෝ බුද්ධෝ — නිරිතේ ච සුමංගලෝ
පච්ඡිමේව සිඛී බුද්ධෝ — වායබ්‍යා මේධංකරෝ
උත්තරේ පියදස්සී ච — ඊසානේ දීපංකරෝ
පඨවියං කකුසන්ධෝ ච — ආකාසේ සරණංකරෝ

ඒවං දස දිසා චේව — සබ්බේ බුද්ධා පතිට්ඨිතා
අච්චන්තරායා සබ්බේ මේ — සෝක රෝග භයාපි ච
විනස්සන්තු සදා මයිහං — සබ්බිරිය පථේසු ච
යක්ඛාදි දේවතා භීච — රාජ චෝරාරි අග්ගිහි
අමනුස්සේපි සබ්බේපි — තිරච්ඡාන ගතේසු ච
ජාතා සබ්බේ විනස්සන්තු — උපද්දවා අසේසතෝ

සබ්බ බුද්ධානුභාවේන — සබ්බ රෝග විනස්සතු
සබ්බ භය විනස්සතු — සබ්බ වින විනස්සතු
සබ්බන්තරාය විනස්සතු — වින බන්ධන විනස්සතු
උද්ධං අධෝ ච තිරියඤ්ච — අසම්බාධං අවේරං අසපත්තං

සාදු! සාදු!! සාදු!!!

Dasa Disa Piritha Sinhala Meaning

Dasa Disa Bandana Piritha Sinhala Meaning

දස දිසා ඇතුළු සියලු දිසාවන්හි බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව පිහිටුවනවා. වෛර හා අන්තරාවෝ ශේෂයක් නැතිව විනාසවෙනවා. ආදියේ පටන් එන්නා වූ ඒ මහා උත්තම ගුණය, ඒ උතුම් ගුණ ආරක්ෂාව ප්‍රකාශ කරනවා.

පෙර දිසාවේ පදුමුත්තර බුද්ධාරක්ෂාවත්,
ගිණිකොණ දිසාවේ රේවත බුද්ධාරක්ෂාවත්,
දකුණු දිසාවේ කස්සප බුද්ධාරක්ෂාවත්,
නිරිත දිසාවේ සුමංගල බුද්ධාරක්ෂාවත්,
පසු දිසාවේ සිඛී බුද්ධාරක්ෂාවත්,
වයඹ දිසාවේ මේධංකර බුද්ධාරක්ෂාවත්,
උතුරු දිසාවේ පියදස්සී බුද්ධාරක්ෂාවත්,
ඊසාන දිසාවේ දීපංකර බුද්ධාරක්ෂාවත්,
පොළව දිසාවේ (යට දිසාවේ) කකුසඳ බුද්ධාරක්ෂාවත්,
උඩ දිසාවේ සරණංකර බුද්ධාරක්ෂාවත් ලෙස ඒ ආකාරයෙන් දස දිසාවේම සියලු බුදුවරයන් වහන්සේලා පිහිටුවනවා.

ඒ ඇසුරේ තිබෙන්නා වූ සියලු සෝක, රෝග, භය ආදිය අප කෙරෙහි සියලු ආකරයෙන් වැනසේවා. සියලු ඉරියව් පථයන්හිම යක්ෂ භය, දේව භය, රජ හා සොරුන්ගේ ගැහැට, සියලු අමනුස්සයින්ගෙන්, තිරිසන් ගත සත්වයින්ගෙන් උපන්නා වූ සියලු භය විනාස වේවා.

සියලු උපද්‍රව ශේෂයක් නැතිව විනාස වේවා.

අපගේ සිරසට ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ශාන්තියයි,
දකුණට සාරිපුත්ත මහ රහතන් වහන්සේද,
වාමාංසයට මුගලන් මහ රහතන් වහන්සේද,
ඉදිරිපසට ත්‍රිපිටකයද,
පසු පසට ආනන්ද මහ රහතන් වහන්සේද,
සතර දිසාවන්හි රහතන් වහන්සේලාද,

හැම තැනම වට පිටාවේ ලෝක පාලනය කරන්නා වූ ඉන්ද්‍ර දෙවියන්, බ්‍රහ්මයින් ආදී ඒ හැම දෙනාගේම ආනුභාවයෙන් සියලු උපද්‍රව, සියලු අන්තරායන් ශේෂයක් නැතිව විනාස වේවා.

මේ පිරිතේ ආනුභාවයෙන් සියලු ආකාරයේ රෝග, භය, වින, අන්තරාවෝ, වින හිර බන්ධන විනාස වේවා.

Dasa Disa Bandana Piritha Version #2 Sinhala Meaning

දස දිසා භාගයන්හි (සියලු දිසාවන්හි)
බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව පිහිටුවනවා
වෛර හා අන්තරාවෝ (ඇත්ද)
ශේෂයක් නැතිව (ඉතිරි නැතිව) විනාස වේවා

මේ ආදී වශයෙන් එන්නා වූ ඒ මහා උතුම් ගුණ පිරිත ප්‍රකාශ කරනවා

පෙර දිසාවේ පදුමුත්තර බුද්ධ ආරක්ෂාව
ගිණිකොන දිසාවේ රේවත බුද්ධ ආරක්ෂාව
දකුණු දිසාවේ කාශ්‍යප බුද්ධ ආරක්ෂාව
නිරිත දිසාවේ සුමංගල බුද්ධ ආරක්ෂාව
බටහිර දිසාවේ (පසු දිග) සිඛී බුද්ධ ආරක්ෂාව
වයඹ දිසාවේ මේධංකර බුද්ධ ආරක්ෂාව
උතුරු දිසාවේ පියදස්සී බුද්ධ ආරක්ෂාව
ඊසාන දිසාවේ දීපංකර බුද්ධ ආරක්ෂාව
පොළව දිසාවේ (යට දිසාවේ) කකුසඳ බුද්ධ ආරක්ෂාව
උඩ දිසාවේ සරණංකර බුද්ධ ආරක්ෂාව

ඒ ආකාරයෙන් දස දිසාවේම
සියලු බුදුවරයන් වහන්සේලාව පිහිටුවනවා
ඒ ඇසුරේ තිබෙන්නා වූ සෝක, රෝග, බය ආදී අන්තරායන් සියල්ල
මා කෙරෙහි සියලු ආකාරයෙන් විනාස වේවා

සියලු ඉරියා පථයන්හිම
යක්ෂ හා දේවතා බය
රජ සහ සොරුන්ගේ ගැහැට
සියලු අමනුස්සයින්ගේ
තිරිසන්ගත සත්වයින්ගේ
උපන්නා වූ සියලු උපද්‍රව ශේෂයක් නැතිවම විනාස වේවා

සියලු බුදුවරයන් වහන්සේලාගේ ආනුභාවයෙන්
සියලු රෝග විනාස වේවා
සියලු බය විනාස වේවා
සියලු වින විනාස වේවා
සියලු අන්තරායන් විනාස වේවා
සියලු වින බැඳීම් විනාස වේවා

උඩ යට වට
බාධා නොවේවා, වෛර නොවේවා, සාප නොවේවා

Alternate Version

දිසාසු දසභාගේසු — ඨිතා බුද්ධානු භාවනෝ
වේරාපි අන්තරායාපී — විනස්සන්ති අසේ සතෝ
ඒවමාදි ගුණෝපේතං — පරිත්තං තං භනාමහේ
පදුමුත්තරෝ පුරත්ථිමායං — අග්ගිංගිචේව රේවතෝ
දක්ඛිණේ කස්සපොබුද්ධෝ — නේරුතේච සුමංගලෝ
පච්චිමේච සිඛිබුද්ධෝ — වායබ්‍යං මේධං කරෝ
උත්තරෝ පියදස්සීච — ඊසානේ දීපංකරෝ
පඨවියං කකුසන්ධෝච — ආකාසේ සරණංකරෝ
ඒවං දස දිසා චේව — සබ්බේ බුද්ධා පතිට්ඨිතා
අව්වන්තරායා සබ්බේ තේ — සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා තුයිහඃ — සබ්බීරියා පථේසුච
යක්ඛාදි දේවතාභීච — රාජචෝරාරි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහී — තිරච්චාන ගතේහිච
ජාතා උපද්දවා — සබ්බේ විනස්සන්තු අසේසතෝ
සිරස්වින්තේ බුද්ධ සෙට්ඨෝ — සාරිපුත්තෝච දක්ඛිණේ
වාමන්සේ මොග්ගල්ලාණෝ — තේ පුරතෝ පිටකත්තයං
පච්චිමේ තව ආනන්දෝ — චතුද්දිසා කීනාසවා
සමන්තා ලෝකපාලාච — ඉන්ද්‍ර දේවෝච බ්‍රහ්මච
ඒතේසං ආනුභාවේන — සබ්බුපද්ද මුපද්දවා
අනේකා අන්තරායාපි — විනස්සන්තු අසේසතෝ

Share
Tweet
Pin
Share
Share
Share

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap