BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Dajagga Piritha With Sinhala Meaning

Dajagga Piritha With Sinhala Meaning

Dajagga Piritha With Sinhala Meaning
Share
Tweet
Pin
Share
Share
Share
Dajagga Piritha
Sinhala →

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා, සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච

භූතපුබ්බං භික්ඛවේ දේවා සුරසංගමෝ සමූපබ්බූල්හෝ අහෝසි. අථ ඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතිංසේ ආමන්තේසි. සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජෙය්‍ය භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා මමෙව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, මමං හි වො ධජග්ගං උලෙලාකයතං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසොවා සො පහීයිස්සති.

නෝචෙ මේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, පජාපතිස්ස හි වො දේවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා සො පහීයිස්සති. නො චෙ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, වරුණස්ස හි වො දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසො වා සො පහීයිස්සති.

නො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ, අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ. ඊසානස්ස හි වො දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං භවීස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසො වා සො පහීයිස්සති.

තං ඛෝ පන භික්ඛවෙ සක්කස්සවා දේවානමින්දස්ස ධජග්ගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසො වා සො පහීයෙථාපි නොපි පහීයෙථ, තං කිස්ස හෙතු?

සක්කෝ භික්ඛවෙ දේවානමින්දෝ අවීතරාගො අවීතදෝසො අවීත මොහො භීරුච්ඡමභී උත්‍රාසි පලායීති.

අහඤ්ච ඛෝ භික්ඛවෙ එවං වදාමි, සචෙ තුම්හාකං භික්ඛවෙ අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්‍ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා මමෙව තස්මිං සමයෙ අනුස්සරෙය්‍යාථ

ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුඬො විජ්ජාචරණ සම්පන්නෝ සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුඬො භගවාති.

මමංහි වො භික්ඛවෙ අනුස්සරතං, යං භවිස්සති භයං වා ඡම්හිතත්තං වා ලෝමහංසො වා සො පහීයිස්සති.

නො චෙ මං අනුස්සරෙය්‍යාථ. අථ ධම්මං අනුස්සරෙය්‍යාථ

ස්වාක්ඛාතො භගවතා ධම්මෝ සන්දිට්ඨිකො අකාලිකො ඒහි  පස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. ධම්මං හි වො භික්ඛවෙ අනුස්සර තං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසො වා සො පහීයිස්සති.

නො චෙ ධම්මං අනුස්සරෙය්‍යාථ අථ සඞඝං අනුස්සරෙය්‍යාථ

සුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ, ඤායපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ, සාමීචිපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞඝෝ, ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.

සඞඝං හි වො භික්ඛවෙ අනුස්සරතං, යං භවිස්සති භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා සො පහීයීස්සති, තං කිස්සහෙතු?

තථාගතො භික්ඛබෙ අරහං සම්මාසම්බුඬො වීතරාගො වීතදෝසො වීතමොහො අභීරු අච්ඡම්භී අනුත්‍රාසි අපලායීති.

ඉදමවොච භගවා, ඉදං චත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා

අරඤ්ඤො රුක්ඛමූලෙ වා    –    සුඤ්ඤාගාරෙව භික්ඛවො
අනුස්සරෙථ සම්බුඬං            –    භයං තුම්හාක නො සියා

නො ච බුඬං සරෙය්‍යාථ        –    ලොකජෙට්ඨං නරාසභං
අථ ධම්මං සරෙය්‍යාථ           –    නීය්‍යානිකං සුදෙසිතං

නො චෙ ධම්මං සරෙය්‍යාථ   –    නීය්‍යානිකං සුදෙසිතං,
අථ සඞඝං සරෙය්‍යාථ           –    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං

එවං බුඬං සරන්තානං           –     ධම්මං සඞඝඤ්ච භික්ඛවො
භයං වා ඡම්භිතත්තං වා        –     ලෝමහංසො න හෙස්සතිති

Dajagga Piritha (Dhajagga Piritha) Sinhala Meaning

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වු අනේපිඩු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පින්වත් මහණෙනි,යි කියා භික්ෂුන් වහන්සේ අමතා වදාළ සේක. පින්වතුන් වහන්සේ යි කියා ඒ භික්ෂුන් වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේට පිලිතුරු දුන්නාහුය. භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මේ දේශනය වදාළ සේක.

පින්වත් මහණෙනි, මෙය කලින් සිදු වුවකි. දෙවියන් හා අසුරයන්ගේ යුධ කෝලහාලයක් පටන් ගත්තේ විය.

එකල්හි පින්වත් මහණෙනි, සක් දෙව් රජතුමා තව්තිසා වැසි දෙවියන් මෙසේ ඇමතීය. ඉදින් නිදුකාණෙනි, යුද්ධයට ගිය දෙවිවරුන් හට බියක් ඇති වන්නේ නම් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් ඒ වේලවේ ඔබ මගේ කොඩියේ මුදුන පමණක් මැනවින් බලනු මැන. එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් මගේ කොඩියේ මුදුන බලනා ඔබ හට එය නැති වෙලා යන්නේය.

ඉදින් යම් හෙයකින් මාගේ කොඩියේ මුදුන නොබලන්නහු නම් එසමයෙහි ප්‍රජාපතී දෙව් රජහුගේ කොඩියේ මුදුන පමනක් බලනු මැනව. එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් ඇති වන්නේ නම් ප්‍රජපතී දෙව් රජහුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට මෙය නැති වෙලා යන්නේය.

ඉදින් යම් හෙයකින් ප්‍රජාපතී දෙව් රජහුගේ කොඩියේ මුදුන නොබලන්නාහු නම් එසමයෙහි වරුණ දෙව් රජහුගේ කොඩියේ මුදුන පමණක් බලනු මැනව. එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් ඇති වන්නේ නම් වරුණ දෙව් රජහුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට මෙය නැති වෙලා යන්නේය.

ඉදින් යම් හෙයකින් වරුණ දෙව් රජහුගේ කොඩියේ මුදුන නොබලන්නාහු නම් එසමයෙහි ඊසාන දෙව් රජහුගේ කොඩියේ මුදුන පමණක් බලනු මැනවි. එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් ඇති වන්නේ නම් ඊසාන දෙව් රජහුගේ කොඩියේ මුදුන බලනා ඔබ හට මෙය නැති වෙලා යන්නේය.

පින්වත් මහණෙනි, ඒ සක් දෙව් රජහුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට ප්‍රජාපතී දෙව් රජහුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට වරුණ දෙව් රජහුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට ඊසාන දෙව් රජහුගේ කොඩියේ මුදුන දෙස බලා සිටිනා දෙවිවරුන් හට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් එය පහ වන්නටද පුළුවනී. පහ නොවන්නටද පුළුවනී.

එයට හේතුව කුමක්ද?

පින්වත් මහණෙනි, සක් දෙව් රජ වනාහි දුරු නොකල රාග ඇත්තේය. දුරු නොකල ද්වේශ ඇත්තේය. දුරු නොකල මෝහ ඇත්තේය. බිය වන්නේමය. තැති ගන්නේමය. පසුබැස පලා යන්නේමය.

පින්වත් මහණෙනි, මමද ඔබ හට ඔය ආකාරයෙන් පවසමී. ඉදින් පින්වත් මහණෙනි, ඔබ හටද ආරණ්‍යයකට ගිය විට හෝ රුක් සෙවනකට ගිය විට හෝ පාළු තැනකට ගිය විට හෝ බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් එසමයෙහි මා ගැනම සිහි කල යුත්තේය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ වන සේක. සුගත වන සේක. ලොකවිදු වන සේක. අනුත්තරො පුරිසධම්ම සාරථි වන සේක. සත්ථා දේව මනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක. යනුවෙනි

පින්වත් මහණෙනි, එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් මා ගැන සිහි කරන ඔබ හට එය නැතිවෙලා යන්නේය.

ඉදින් යම් හෙයකින් මා ගැන සිහි නොකරන්නාහු නම් එවිට ධර්මය සිහි කළ යුත්තේය.

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ලද්දේය. මේ ජීවිතයේදී ම අවබෝධ කල හැකි බැවින් ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨික වන්නේය. ඕන ම කාලයකදී අවබෝධ වන බැවින් අකාලික වන්නේය. ඇවිත් බලන්න කිවහැකි බැවින් ඒහිපස්සික වන්නේය. තමා තුළට පමුණුවා ගත යුතු බැවින් ඕපනයික ව්න්නේය. බුද්ධිමත් මිනිසුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කර ගත යුතු බැවින් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි වන්නේය.

පින්වත් මහණෙනි, එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් ධර්මය ගැන සිහි කරන ඔබ හට එය නැති වෙලා යන්නේය.

ඉදින් යම් හෙයකින් ධර්මය ගැන සිහි නොකරන්නාහු නම් එවිට ආර්ය සංඝ රත්නය ගැන සිහිකළ යුතුය.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඤායපටිපන්න වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්න වන සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මාර්ග ඵල යුගල වශයෙන් හතරක්ද වන අතර මාර්ග ඵල පුද්ගල වශයෙන් අට දෙනෙක් වන් සේක. ආහුණෙ‍ය්‍ය වන සේක. පාහුනෙ‍ය්‍ය වන සේක. දක්ඛිණෙ‍ය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් වන සේක.

පින්වත් මහණෙනි, එවිට යම් බිය වීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් ආර්ය සංඝයා ගැන සිහි කරන ඔබ හට එය නැති වෙලා යන්නේය.

එයට හේතුව කුමක්ද?

පින්වත් මහණෙනි, තථාගත වු අරහත් වු සම්මා සම්බුදු රජාණන් වහන්සේ රාගය දුරු කළ සේක. ද්වේශය දුරු කළ සේක. මෝහය දුරු කළ සේක. බිය නොවන සේක තැති නොගන්නා සේක. පසු නොබසින සේක පලානොයන් සේක.

වනගත පෙදෙසක         – හෝ රුක් සෙවණක
පාළු තැනක යන           – පින්වත් මහණෙනි
සිහි කරව් සම්බුදු රජුන්  – එවිට ඔබ හට කිසි විට බිය ඇති නොවන්නේමය

ඉදින් තුන් ලොව අග රජ නරෝත්තමයණන් වු
සම්බුදු රජුන් ගැන       –    සිහි නොවේනම් ඔබ හට
නිවනට පමුණුවන      –    මැනැවින් දෙසන ලද
ඒ උතුම් සිරි සදහම්     –    සිහියට නැගිය යුතුමය

නිවනට පමුණුවන      –    මැනැවින් දෙසන ලද
ඒ උතුම් සිරි සදහම්     –    සිහි නොවේනම් ඔබ හට
අනුත්තර වු                 –    ලොවට පින් කෙත් වු
උතුම් සඟරුවන ගැන  –    සිහියට නැගිය යුතුමය

මෙසේ පින්වත් මහණෙනි සම්බුදු රජුන් හා උතුම් සිරි සදහම්ද ශ්‍රාවක සඟරුවනද සිහි කරන විට ඔබ හට බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැ ගැනීමක් නොවන්නේමය.

                             

Share
Tweet
Pin
Share
Share
Share

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap