BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Sinhala » බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

August 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

 

බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

“බෝධි සත්වයන් වහන්සේ ඇසතු බෝධි මුලයේදී තම චිත්ත සංථානය තුල පැවැති සියළු කෙලෙස් මුල් උදුරා දමා නික්ලේශී තත්ත්වයටම පත්විය. ඒ අයුරින්ම ඔබටත් ගෝතම බෝසතුන් වහන්සේ සිහිපත් කරගෙන ඒ බුද්ධ ශක්තියට අනුගතවීම සිහිපත් කර බෝධින් වහන්සේ අභියසදී, එදා බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වු බව සත්‍යයි. මමද රාගය, දේශය, මෝහය මගේ සිතින් ටික වේලාවකට හෝ උදුරා දමා නික්ලේශී බවට පත් වී, බුද්ධ ශක්තියට අනුගතවෙමී. මේ බෝධින් වහන්සේ ඒ ගෝතම බෝසතුන් වහන්සේට උපකාර වුවා නම්, මගේ සිතේත් පවතින රාග, දේශ, මෝහ කෙලෙස් මුල් සුලු වේලාවකට හෝ උදුරා දමා මේ බෝධින් වහන්සේ ඉදිරියේ දී මටත් නික්ලේශී බවට පත්වන්නට මේ බුද්ධ ශක්තිය ඒ අතීත සියලු බුදුවරුන් අනුගත කල බුද්ධ ශක්තිය මටත් ලබා ගන්නට හැකි වේවායි අඨිෂ්ඨාන කල හැකිය.

ඒ අනුව පිරිසිදු සිතක් ඇති කර ගැනීමට කරන ලද අඨිෂ්ඨානයෙන් යුතුව, ඒ සත්‍යක්‍රියා බලයෙන් ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් තමන් තුලද ඇති කර ගත හැකි. ඒ නික්ලේශී ශක්තියෙන් සත්‍යක්‍රියාවක් පතුරවා විශ්වයට මෛත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සුදු කිරණ ශක්තියක් පැතිරවීම අනුව තමන්ගේ තුන්සිත පහදා ගෙන රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර වු පිරිසිදු සිතක් මතුකර ගැනීම ” බෝධි පූජාවයි “. ඒ අනුව බුද්ධ ශක්තියට අනුගතවීමට ඔබටත් පුළුවන. එයයි බෝධින් වහන්සේ අභියසදී කරගත යුතු වන්නේ. එය යැදීමක්, යාඥාවක් හෝ පැතීමක් ප්‍රාර්ථනාවක් හෝ නොවේ.

මෙවන් යහපත් පිරිසිදු චේතනාවකින් යුතුව අඩුම වශයෙන් විනාඩි පහක් හෝ හැකි පමණ කාලයක් බෝධින් වහන්සේ ඉදිරි පිටදී මෙවැනි භාවනාවක් කළ හැකිය. මේ භාවනාව රාගයෙන් තොරව, දේශයෙන් තොරව, මෝහයෙන් තොරව ඒ විනාඩි ගණන ගතකිරීම අනුව ඒ සත්‍යක්‍රියා බලයෙන් මගේ සිතේත් රාගය, දේශය, මෝහය ඉවත් කර ගැනීම ම බෝධි පූජාවයි, සත්‍ය ක්‍රියාවයි. ඒ සත්‍ය ක්‍රියා බලයෙන් පිරිසිදු චිත්ත කිරණ විශ්වයට පතුරුවා යමෙකුට සෙතක් ශාන්තියක් සහනයක් කිරීමටද බෝධි පූජාවෙන් ශක්තියක් නිර්මාණය වේ.

* දැන් රාග, දේශ, මෝහ තොරවු සිතින් බෝධි පූජාව තැබු කරුණු කාරණා මෙනෙහි කර සෙත් පතන්නාවු අයට සෙත් පතනු මැනවි.

Share
Tweet
Pin
Share
Share
Share

Sinhala

More Dhamma Articles

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

සසර දාහයට මෙත් සිසිල

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම … [Read More...]

කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් … [Read More...]

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව

නිවැරදි අරිය මෛත්‍රී භාවනාව මමද සියළු ලෝක සත්වයෝ, මේ පැවැත්ම පිළිබඳව සංසාර දුක පිළිබඳව යථාවබෝධයක් … [Read More...]

බුද්ධ වන්දනාව හා නිවන් මඟ

සාධුකාරය කායේන සංවරෝ සාධු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ ( සාධු යනු සා + උද්ධ … [Read More...]

Leave a ReplyCancel reply

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap