BuddhismVision

Travel The Path of Lord Buddha

  • Home
  • About
  • Buddhism vs Science
    • බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1
    • බුද්ධාගම විද්‍යාවක්ද? පිරිත්, යන්ත්‍ර බොරුද? — Part #2
    • බුද්ධාගම විද්‍යාවක්ද? මැණික් ගල් හා පිරිත් නූල් පැළඳීම — Part #3
  • Dhamma Articles
    • Sinhala
    • English
  • Top Seth Pirith
    • Dasa Disa Piritha
    • Mora Piritha
    • Jalanandana Piritha
    • Angulimala Piritha
    • Dajagga Piritha
    • Chakka Piritha
    • Gini Piritha
    • Atavisi Piritha
    • Jaya Piritha
    • Kanda Piritha
    • Chanda Piritha
    • Sooriya Piritha
    • Wasi Piritha
    • Wattaka Piritha
  • Contact
    • Sitemap
  • ► SUBSCRIBE
  • EnglishEnglish
Home » Sinhala » කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා

June 29, 2019 Genji Leave a Comment

Share
Tweet
Pin
Share
Share
Share

කර්මස්ථාන තුලින් නිවන කරා

නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් වැඩීම සුදුසු වේ.

එක් එක් ආකාරයේ කර්මස්ථාන එක් එක් ආකාර වලින් කෙටි විස්තරයන් සහිතව සඳහන් කිරීමට හේතු වුයේ තමන්ට සුදුසු කර්මස්ථානය සොයා ගැනීමේ පහසුවටත්, මේ සෑම කර්මස්ථානයකින්ම සිදු වන්නේ ඒකායන බලාපොරොත්තුව වන නිවන අවබෝධය පිණිස පසුතලය සැකසීමක් බව ප්‍රත්‍යක්ෂ වීමටය. තවද නිවන් මග වැඩීමට අවශ්‍යය ධර්ම කරුණු සඳහන් කර ඇත්තේ එය ධර්ම අවබෝධයට පසුතලය සැකසීමට මහත් උපනිශ්‍රයක් වන බැවිනි. සමහර චරිත වලට ගැබුරු දහම් කරුණු ගැන අවබෝධයක් නොතිබුනද ලෝකයේ අසාරත්වය තමන්ටම හිමි ක්‍රමයක් තුලින් මාර්ගය වඩා අත්‍යවශ්‍ය අවබෝධය ලැබී මාර්ගය පූර්ණ කර ගැනීම සිදු වේ.

ආර්‍ය කර්මස්ථාන කවුරුන් සඳහාද?

1 – අනිච්ජ දුක්ඛ අනත්ත පිළිබඳ අවබෝධය ලැබු, නිවන් දැකීම එකම පරමාර්ථය ඇති අයට.
2 – දාන කථා, සීල කථා, සග්ග කථා, නෙක්ඛම්ම කථා අසා අවබෝධය ලැබු අයට ඒ අවබෝධය පූර්ණ කර ගැනීම සඳහා.
3 – පංචකාමයෙන් අත්මිදීමේ සුවය දුටු අයට.
4 – අන්න්ත දුක් විඳින සත්ත්වයන් කෙරෙහි මහා දයානුකම්පාවෙන්, “මටද සියලු සත්ත්වයින්ටද මේ මහා නිවන් සුවය ලැබේවා…!”යි කියන ආර්ය මෛත්‍රිය හටගත් අයට.
5 – තමන් ලෝකයට ඇලී ඇති තැන දැක, එයින් මිදිය යුතු බව නුවණින් දැක, මිදීමෙන් ලබන ශාන්තිය මෙනෙහි කරන අයට.

 

භාවනා කල යුත්තේ කුමක් සඳහාද?

1 – ඇලීම සහ ගැටීම ඉවත් කලයුතු බව දැනුනු කෙනෙක්, ඇලීමෙන් හා ගැටීමෙන් මිදිය යුතු බව අවබෝධ කළ කෙනෙක්, ඤාණ දර්ශනය පහළ වු කෙනෙක් ඇලීමෙන් ගැටීමෙන් මිදීම සඳහා භාවනා කළ යුතුයි.

2 – ඇලීමේ ගැටීමේ ආදීනව දැක, එහි අසාරත්වය දැක්, එයින් මිදීම සඳහා භාවනා කළ යුතුයි.

3 – ඇලීම ගැටීම නැති අවස්ථාවක නෙක්ඛම්ම සුවය ලැබීම සඳහා භාවනා කළ යුතුයි.

4 – ඇලීම සහ ගැටීම නිසා ඇතිවන අසහනය දුරු කිරීම සඳහා භාවනා කළ යුතුය.

5 – ඇලෙන හා ගැටෙන අරමුණු එන් අවස්ථාවක නොඇලී, නොගැටී සිටීම සඳහා භාවනා කළ යුතුය.

6 – ලෝකයෙන් එන සෑම ප්‍රශ්නයකදීම කම්පා නොවී මුහුණ දීමට භාවනා කළ යුතුය.

7 – එදිනෙදා කරන ක්‍රියා කටයුතු අත හැරිය යුතු නොවන අතර, එම වැඩකටයුතු වලට තිබෙන චන්දරාගය දුරු කිරීමට භාවනා කළ යුතුය.(යමක් නිසා චිත්තය අන්ධ කරනවා නම් ඒවා “ජන්ද” නම් වේ. යමක් පසු පස ආශ්වාද සහිතව සැරිසරනවා නම් “රාග” වේ.)

8 – යමක් යමක් නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී දුක් පීඩා, පෙලීම් ඇති වන්නේ නම් ඒ ඇති කරන හේතුවෙන් මිදීම සඳහා භාවනා කළ යුතුය.

 

නිවන යනු කුමක්ද?

අසඬ්ඛතඤ්ච වො, භික්ඛවෙ, දෙසිස්සාමි අසඬ්ඛතගාමිඤ්ච මග්ගං තං සුණාථ. කතමඤ්ච, භික්ඛවෙ, අසඬ්ඛතං? යො භික්ඛවෙ, රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ – ඉදං වුච්චති, භික්ඛවෙ අසඬ්ඛතං. (අසංඛත සුත්තං – සංයුත්ත නිකාය – 4)

මහණෙනි, තොපට නිවනත් නිවන් මගත් දෙසන්නෙමි එය අසව්. මහණෙනි, නිවන කවරේද යත්; මහණෙනි යම්, රාගක්ඛයෙක්, ද්වේශක්ඛයෙක්, මෝහක්ඛයෙක් වේද මේ නිවන යයි කියනු ලැබේ.

 

නිවන් මග වැඩීමෙන් නැතහොත් කර්මස්ථාන වැඩීමෙන් ලබන ධර්මාවබෝධය තුළින් සසර පැවැත්මට හේතුවන, හේතු නිරෝධ කිරීම නිවනය මුලික ධර්මාවබෝධයෙන් ප්‍රථම වතාවට නිවන දකියි. මෙසේ දුටු නිවන කරා ගමන් කිරීම කර්මස්ථාන වැඩීමෙන් ක්ළ හැක. එහි අවසාන ප්‍රථිඵලය නිවන පූර්ණ කිරීමයි.

භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ශ්‍රාවකයන් හික්ම වන්නේද? ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතීද? භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් ශ්‍රාවකයන් හික්ම වන්නාහ. ශ්‍රාවකයන් විෂයෙහි භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනාවක් බහුලකොට පවතී. එනම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ එනම් ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත බව.

 

ලෝකය

ලෝකය කිනම් ආකාරායකින් දැකිය හැකිද? ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාදය වශයෙන ලෝකය දැකිය හැකිය.

ස්කන්ධ වශයෙන් – පංච ස්කන්ධය, පංච උපාදාන ස්කන්ධය (විභංග ප්‍රකරණයේ ස්කන්ධ විභංගය ඇසුරින්)

රූප ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි රූපයක් වේද, ඒ හැම රූපයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය රූප ස්කන්ධයයි කියනු ලැබේ.

වේදනා ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි වේදනාවක් වේද, ඒ හැම වේදනාවනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය වේදනා ස්කන්ධයයි කියනු ලැබේ.

සංඥා ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි සංඥා වේද, ඒ හැම සංඥායනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය සංඥා ස්කන්ධයයි කියනු ලැබේ.

සංඛාර ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි සංඛාර වේද, ඒ හැම සංඛාරයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය සංඛාර ස්කන්ධයයි කියනු ලැබේ.

විඤ්ඤාණ ස්කන්ධය – අධ්‍යාත්මික වේවා, බාහිර වේවා, ඕලාරික වේවා, සුක්ෂම වේවා, හීන වේවා, ප්‍රනීත වේවා, දුර වේවා, ලග වේවා, අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න වු යම්කිසි විඤ්ඤාණ වේද, ඒ හැම විඤ්ඤාණයනට එක පරිද්දකින් කැටි කොට හකුලුවා ගෙන මෙය විඤ්ඤාණ ස්කන්ධයයි කියනු ලැබේ.

 

Share
Tweet
Pin
Share
Share
Share

Sinhala

More Dhamma Articles

අසිරිමත් සත්බුදු වන්දනාව

අසිරිමත් සත්බුදු වන්දනාව | Charming Sathbudu Wandanawa ගෞතම බුදු රජාණන් වහන්සේ නම්, මේ මුලු තුන්ලොව … [Read More...]

බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම

  බෝධි පූජාව අවසානයේදී බෝධින් වහන්සේ අභියස සත්‍යක්‍රියා බලය පැතිරවීම "බෝධි සත්වයන් වහන්සේ … [Read More...]

සසර දාහයට මෙත් සිසිල

සියලු සතුනට ආර්ය මෛත්‍රිය වඩන්නේ ඇයි? සුගතින් අතරින් කාම සුගතියක උපත ලබා සිටින අප සෑම මොහොතකම … [Read More...]

බුද්ධාගම විද්‍යාවක්ද? භෞතිකවාදීන්ගේ විද්‍යාවේ අවිද්‍යාව — Part #1

මේ ලිපිය ලියන්න මූලික හේතුව, අද පවතින ජෝතිෂය, වාස්තු විද්‍යාව ආදී ලෝකායත — ලෝකයේ ස්ථාන පිළිබඳ දැනීම … [Read More...]

කර්මස්ථාන තුලින් නිවන කරා

කර්මස්ථාන තුලින් නිවන කරා නිවන් දැකීමට යමක් කල යුතුද, නිවනට සිත පිහිටවා තමන්ට ගැලපෙන කර්මස්ථානයක් … [Read More...]

Leave a ReplyCancel reply

Abisambidana Piritha

Abisambidana Seth Piritha Listen to the ultra powerful Abisambidana Piritha below. Press the ▶️ Play button. Close your eyes. Focus on the … Read More!

Featured Video

BuddhismVision At Glance …

BuddhismVision is a resource for anybody who’s willing to face the Reality of the World as revealed by Lord Buddha. It’s for you, who wants to attain Nirvana. And it’s for you, who wants to find answers for all your burning questions.

Copyright © 2016–2025 · Buddhism Vision · All Rights Reserved · Terms · Privacy · Sitemap